4.

555 141 13
                                    


හෙලෝ? හ්‍යුන්ග්?

කවුද මේ?

ම.ම...ජන්..

ආහ් කොල්ලා...කොල්ලා බෙහෙත් ගන්න ආසයි වගේ...

මොනාද හ්‍යුන්ග් ඒ? නරකක් වෙන්නැති දෙයක් නේද?

මගේ ගෙදර තියෙන්නේ කොහෙද දන්නවද?

ඔව් ඔව් හ්‍යුන්ග්

ආහ් එහෙනම් ගෙදරට එන්න. අපි කතා කරමු.

දැන්!?

ඔව් දැන්.

එයාගේ ගෙදර හරිම පොඩියි. මගේ ගෙදර එක කාමරයක් විතර ඇති මුළු ගෙදරම එයාගේ.

මට ලොකු බයක් දැනෙන්නෙ ඇයි?

"බය වෙලාද ඉන්නේ? බය වෙන්න දෙයක් නෑ කොල්ලෝ."

"හ්‍යුන්ග් කොහොමද බෙහෙත් දෙන්නේ? මට තේරෙන්නේ නෑ."

"හහ් හහ් හහ් උඹ මාර සීනිබෝලයක් නේ. මෙන්න මේවා තමයි බෙහෙත්."

"Inhaler එකක්? Asthma patient කෙනෙක් නෙවෙයි මන්. හ්‍යුන්ග් අඩුමතරමේ මට තියෙන ප්‍රශ්නේ වත් හරියට තේරෙන්නේ නෑ නේ."

"හැබැයි මට තේරෙනවා."

මන් ළඟට ආවේ තනි සුදු ඇඳගත්ත ප්‍රියමනාප මැදි වයසේ මනුස්සයෙක්.

"ඔයාට පාළුයි.මේ වෙලාවේ කවුරුවත් නෑ වගේ හිතෙනවා නේ? ඇත්තටම ඔයාට ඉන්නේ ඔයා විතරයි. යුන්ගිට ඉන්නේ යුන්ගි විතරයි.මට ඉන්නේ මන් විතරයි. හැබැයි දැන් යුන්ගිට, මට තියෙන ප්‍රශ්න මතක් වේගන එද්දි අපි මේක පාවිච්චි කරනව. ඔයාටත් මේක උදව්වක් වෙයි."

"එතකොට මේ inhaler එක පාවිච්චි කළානම් හරිද?"

"ඔව්"

"මේකේ තියෙන බෙහෙත් මොනාද? කොහොමද දුක පාළුව නැති වෙන්නෙ මේක  ගත්තම?"

"පුතා මම ඩොක්ටර් කෙනෙක්. මගේ නම ජන්ග් හෝසෝක්. පොඩ්ඩක් හොයලා බැලුවොත් මං ගැන හොයාගන්න පුළුවන් ඔයාට. ඔය බෙහෙතේ කිසිම වරදක් නෑ. ඩොක්ටර්ස් ලා වැරද්දක් කරන්නේ නෑ නේද කාටවත්?"

"හ්ම්ම්"

"ඔයා මේක අරන් බලන්න. හරි යන්නේ නැත්තම් අපි වෙන විදියක් බලමු."

ඒ මනුස්සයා යුන්ගි හ්‍යුන්ග් එක්ක බලද්දි දාහෙන් සම්පතයි.කතා කරන විදිය පවා සිත් ඇදගන්නාසුළුයි.

"මන් හිතන්නේ මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුළුවන් නම් මේ ප්‍රශ්න අඩු වෙයි කියලා. මගේ තත්ත්වය තේරෙන කෙනෙක් එක්ක කතා කරන එක ඒ බෙහෙත්වලට වඩා හොඳයි නේද? ඔයා කතා කරන විදියෙන් මගේ මනස සැහැල්ලු වුනා."

" ඊට වඩා මේක effective පුතා. ඔයාට මන් හැමතැනකම නෑ නේ. මේක ඔයා ගත්තොත් ආයි පැයක් මොනවත් ප්‍රශ්න ඔලුවට වැටෙන්නේ නෑ. තව පැය හතරක් යනකම් මේක සුලුවශයෙන් වැඩ. ඒ දැනෙන හැඟීම අමුතුයි පුතා. ඒත් ඒක සහනයක්."

ලෝකය ගැන අවබෝධයක් නොතිබුනු අවුරුදු 19ක කොල්ලෙක් වුනු මම එයාගේ වචනවලට අහු වුනා.

" හරි ඩොක්ටර් මට එහෙමනම් මන් ගන්න ඕන ප්‍රමාණේ කියලා දෙන්න."

හෝසෝක් යුන්ගි දෙන්නා මූණට මූණ බලන් මහ භයානක විදියට ඇස්වලින් කතා කරපු බව මන් එදා දැක්කේ නෑ.

𝑻𝒉𝒆 𝑫𝒂𝒓𝒌 𝑾𝒆𝒃 ✔Where stories live. Discover now