( කියලා ඒ taehyung ගියා. ඊට පස්සෙ අපේ taehyung මේසෙ යටින් ඇවිත් වට පිට බැලුවා. එතකොටම අල්මාරියේ තිබ්බ කන්නාඩියෙන් අපේ taehyung ව ආයිත් කවුරු හරි අතීතෙට ඇදලා ගත්තා. බලනකොට ඒ yoon. Taehyung එයාගෙන් මෙහෙම ඇහුවා.)
Yoon : එන්න යමු. දැන් ඇති. අපි ගිහින් කතා කරමු. නැත්තන් කවුරු හරි දැනගත්තොත් ඔයාව මම ලිහුවා කියලා මට මැරුං කන්න වෙයි.
Taehyung : ඒත් මං.
Yoon : එන්න යමු.
( කියලා yoon taehyung ව ඇදගෙන ගියා. ගිහින් අර කලින් හිටපු විදිහටම yoon taehyung ව වැඩිය තද කරන්නෙ නැතුව ගැට ගහලා මෙහෙම ඇහුවා.)
Yoon : මොනාද දැක්කෙ ඔයා?.
Taehyung : ඒ හිටියෙ මමමයි. මම එදා Basement එකට එනකොට Basement එකේ ඉදලා අර මල් පෝච්චිය වට්ටලා තිබුනෙත් මමමයි.
Yoon : ම්ම්.... මටත් ඔහොම උනා. මේ අහන්න. ඔයා මේක ඉවරයක් කරන්න ඕනෙ.
Taehyung : මොකක්ද?.
Yoon : ඔයාව ඔයාට මතක හැටියට මෙහෙට ආවෙ කොහොමද?.
Taehyung : මම අර උඩ තිබ්බ අමුතු කාඹරේ ඇතුලට ආවා. ඒකෙ කන්නාඩියකින් කවුරු හරි මාව ඇදලා ගත්තා.
Yoon : ඒ ඔයාව ඇදලා ගත්තෙ වෙන කවුරුත් නෙමෙයි ඔයාමයි. ඔයා මොකක් හරි විදිහකින් කලින් මෙහෙට ඇවිත් තියෙනවා. ඊට පස්සෙ ඔයාට ආපහු එහෙට යන්න ඕන නිසා ඔයා අර කන්නාඩියෙන් ඔයාවම මෙහෙට ඇදලා ගත්තා. දැන්..... ආ..... හරි. ඉන්න. මම මුලින්ම ආපු ඔයාට taehyung part 1 කියලා කතා කරන්නම්. දැන් ඉන්න ඔයාට taehyung part 2 කියන්නම්. හොඳට අහගන්න. ඔයාට, ඒ කියන්නෙ taehyung part 2 ව මෙහෙට ඇදලා ගත්තෙ කලින්ම මෙහෙට ආව taehyung part 1. දැන් වර්ථමානෙ ඉන්නෙ taehyung part 1. මෙහෙ ඉන්නෙ ඔයා. Part 2. ඔයා ආපහු අතීතෙට ගිහින් ඔය කරන්න හදන්නෙ ආයිත් taehyung part 1 මෙහෙට ඇදලා දාලා ඔයා, ඒ කියන්නෙ taehyung part 2 එහෙට යන එක. ඒ වැඩේ කරන්න එපා. එකම දේ ඔයා මේ කරන්නෙ. ආ... හරි. ඔයා taehyung part 1 ව මෙහෙට ඇදලා දාලා ඔයා ආයිත් වර්තමානයට ගියා කියන්නකො. ඊට පස්සෙ ආයිත් සිද්ද වෙන්නෙ මෙහෙ ඉන්න taehyung part 1 ඔයාව මෙහෙට ඇදලා දාලා එයා වර්තමානෙට යන එක. ඕක නැවතෙන්නෙ නෑ. මොකද ඔය දෙන්නම taehyung. ඔයාලා දෙන්නටම ඕනෙ එකම දේ. තේරෙනවද?.
Taehyung : ඉතින් දැන් මම මොකක්ද කරන්න ඕනෙ.
Yoon : ඔයා මුකුත් කරන්නෙ නැතුව මෙහෙට වෙලා ඉන්න.
YOU ARE READING
MOON IN THE MIRROR. ( Completed )
FanfictionWhat do you do if you find a mirror that lets you go back in time?