INTRO

1.3K 89 6
                                    

( 1564 වර්ශයේ jeon රාජ වංශය....... jeon රාජ වංශය කියන්නෙ 1336 ඉදන් දකුණු කොරියාවෙ Tonyeok ( තොන්‍යොක් ) අගනුවර පාලනය කරපු ඉතාමත් බල සම්පන්න රාජ වංශයක්. ඒ රාජ වංශය Tokki රාජ වංශය කියලත් හදුන්වනවා. ඒ රාජ වංශයේ පලවෙනි පාලකයා jeon gomyeon කියන පාලකයා. දැන්, ඒ කියන්නෙ 1564 වර්ශයේ Tonyeok රාජධානියේ පාලකයා jeon bang-woon. එයාගෙ දෙවෙනි රැජිනගෙ නම jeon cae-si. ඒ රැජින රජතුමාගෙ දෙවෙනි බිසව. Bang-woon රජුටයි cae-si රැජිනටයි පුත්කුමාරයො තුන් දෙනෙක් වගේම දූ කුමරියො දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම රජතුමාට තුන් වන බිසවක් හා හතර වැනි බිසවකුත් ඉන්නවා. තුන් වැනි බිසවට දූ කුමරියක් ඉන්නවා. හතර වැනි බිසවට දරුවො නෑ. Jeon bang-woon රජ තුමාගෙ පලවෙනි බිසව දැන් ජීවතුන් අතර නෑ. ඒ රැජිනට සහ රජ තුමාට උපන් පලවෙනි පුත්කුමාරයා jeon jungkook. ඒ කියන්නෙ Tonyeok රාජධානියේ ඔටුන්න හිමි කුමාරයා.

( Jeon jungkook කියන කුමාරයා ඉන්නෙ රාජධානියෙන් ටිකක් ඈත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( Jeon jungkook කියන කුමාරයා ඉන්නෙ රාජධානියෙන් ටිකක් ඈත. එයා තනිකම අගය කරන කෙනෙක්. එයාගෙ අම්මා නැති උන දවසෙ ඉදන් එයා කැමති තනියෙම ඉන්න. ඒ වගේම එයාගෙ අම්මා එයාට කියපු පලවෙනි වචන ටික වගේම අන්තිම වචන ටික ' කාවවත් විශ්වාස කරන්න එපා ' කියන එක. ඒක නිසා එයා එයාගෙ තාත්තාවත් විශ්වාස කරන්නෙ නෑ. Jungkook කුමාරයා ගොඩක් දක්ෂ කෙනෙක්. කඩු, දුනු වගේ සටන් ක්‍රම උපරිමේටම ප්‍රගුණ කරපු කෙනෙක්. ඒ විතරක් නෙමෙයි එයාගෙ රූපෙට වශී නොවන කෙනෙක් නැති තරම්. jungkook ට මල්ලිලා තුන් දෙනෙක් ඉන්නවා. ඒ වගේම නංගිලා තුන් දෙනෙකුත් ඉන්නවා. Jungkook එයාගෙ සහෝදර සහෝදරියන්ට ගොඩක් ආදරෙයි. ඒත් එතනින් සමහර අය බලය වෙනුවෙන් තමන්ගෙ ලොකුම අයියාව පාවලා දෙනවා කියලා jungkook දැනගෙන හිටියෙ නෑ. මම මේ කතාවෙ එක එක චරිත ගැන පොඩි විස්තරයක් කරන්නම්. Jeon bang-woon රජු කියන්නෙ ටිකක් නපුරු කෙනෙක්. එයා වැඩිපුරම හිතන්නෙ තමන්ගේ රාජධානිය ගැන. එයාගෙයි එයාගෙ ළමයින්ගෙයි අතර යම් කිසි පරතරයක් තිබුනා. එයා ළමයි ගැන වැඩිය හිතුවෙ නෑ. හැබැයි එයා ළමයින්ට ආදරේ නැත්තෙත් නෑ. රජතුමාගෙ දෙවෙනි බිසව ඒ කියන්නෙ jungkook ගෙ අම්මා දැන් ජීවතුන් අතර නෑ. රජතුමාගෙ දෙවෙනි බිසව cae-si. ඒ කියන්නෙ දැන් අග බිසව. එයා ගොඩක් නපුරු කෙනෙක්. එයා හැම තිස්සෙම උත්සාහ කරන්නෙ එයාගෙ පුතෙක් රාජ්‍යයේ රජ කරවන්න. එයාගෙ පලවෙනි පුතා bek කුමාරයා. අවුරුදු 18 යි. එයත් එයාගෙ අම්මා වගේමයි. රජ වෙන්න පුළුවන් නම් නොකරන දෙයක් නෑ. එයත් ගොඩක් දක්ෂ කෙනෙක්. එයාගෙ මල්ලි nek කුමාරයා. එයාටත් අවුරුදු 18 යි. Bek සහ nek කියන්නෙ නිවුන්නු. එයත් එයාගෙ අයියගෙ පැත්තෙ ඕන වෙලාවක. මොකද එයා දන්නවා අයියා රජ උනොත් එයාටත් මොනවා හරි දෙයක් ලැබෙනවා කියලා. ඊලගට sio කුමරිය. අවුරුදු 17 යි. Cae-si බිසවගෙ පලවෙනි දූ කුමරිය. ඒ අනිත් කෙනා. එයා හැදුනෙ එයාගෙ අම්මා විදිහටමයි. එයා jungkook ට ඇහැ ගහගෙන ඉන්නෙ. ඒ ඇයි කිව්වොත් රාජ්‍යයේ රජු jungkook උනොත් එයා රැජින වෙන්න බලාපොරොත්තුවෙන්. හැබැයි එයා එයාගෙ අයියටත් උදව් කරනවා. ඒ කවදා හරි එයාගෙ අයියා රජ උනොත් එයාට ඕන දේවල් අයියාගෙන් ගන්න පුළුවන් නිසා. ඒකෙන්ම තේරෙනවා එයා කොච්චර කපටි කෙනෙක්ද කියලා. ඊට පස්සෙ shay කුමාරයා. එයාට අවුරුදු 16 යි. එයා නම් ගොඩක් හොඳ කෙනෙක්. ඒ වගේම cute. එයා වැඩියෙන්ම කැමති jungkook ට. මොකද එයා පොඩි කාලෙ ඉදන් හිටියෙ jungkook එක්ක. Jungkook කියන්නෙ එයාගෙ වීරයා. එයා jungkook ට නොදෙන දෙයක් නෑ. ඊට පස්සෙ siha කුමරිය. එයාට අවුරුදු 11 යි. එයා තමයි cae-si බිසවගෙ අන්තිම දූ කුමරිය. එයා නම් තාම චූටි. එච්චර දෙයක් එයාට තාම තේරෙන්නෙ නෑ. හැබැයි අම්මගෙම දුව. ඊට පස්සෙ රජතුමාගෙ තුන් වෙනි බිසව. Soohi බිසව. එයා ගැන කිව්වොත් එයා තමයි jungkook ගෙ අම්මාගෙන් පස්සෙ මුලු රාජධානියේම හිටපු ලස්සනම කෙනා. එයා jungkook ට ගොඩක් ආදරෙයි. Jungkook ට එයා දෙවෙනි අම්මා උනා. එයාට ඉන්නෙ එක දූ කුමරියක් විතරයි. ඒ sisi කුමරිය. එයා තමයි jungkook ගෙ පන. Jungkook එයාගෙ චූටි sisi නංගිට පනටත් වඩා ආදරෙයි. Sisi ට තාම අවුරුදු 5 යි. එයා හරි හුරතල්. Jungkook sisi ට ආදරේ වැඩි කමටම එයාගෙ හොඳම අශ්වයාට නම දැම්මෙත් sisi කියලා. ඊට පස්සෙ shin-ho බිසව. එයාට ළමයි නෑ. එයා වතුර යටින් ගින්දර ගෙනියන කෙනෙක්. එයාගෙ අදහස එයාගෙ මල්ලි bin-ho ට රාජ්‍ය අල්ලලා දෙන්න. මේ ඔක්කොම මැද්දෙ තනි උන කෙනෙක් jungkook.)

( අපි දැන් එමු වර්ශ 2020 ට. ඕගොල්ලොන්ට මොකක්ද උනේ කියලා මේක කියවගෙන යනකොට තේරෙයි. අපේ කතාවෙ ඊලග ප්‍රධාන චරිතෙ තමයි kim taehyung. එයාට දැන් වයස 18 යි. ඉස්කෝලෙ අන්තිම කාලෙ. එයාගෙ හොඳම යාලුවා තමයි jimin. Park jimin. ඒ දෙන්නම එක වයසෙ. ඕගොල්ලො මොකද හිතන්නෙ ඕගොල්ලොන්ට අතීතෙට යන්න පුළුවන් කැඩපතක් හම්බ උනොත්?. ඕගොල්ලො මොකද කරන්නෙ?. අපේ taehyung ට ඒ වගේ දෙයක් හම්බ වෙන්වා. ඒ ගැනයි මේ කතාව. අපි ඊලග කොටසින් කතාව පටන් ගමු.)

( ඉතුරු කොටස Moon in the mirror ඊලග කොටසින් බලාපොරොත්තු වන්න.)

MOON IN THE MIRROR. ( Completed )Where stories live. Discover now