( කියලා taehyung එයා එයාගෙ ඇඳ ලග තිබ්බ වතුර බෝතලෙන් වතුර බීලා ආයිත් නිදාගත්තා. උදේ උනා. Taehyung නැගිටලා මූණ හෝදගත්තා. මූණ හෝදගෙන පල්ලෙහාට ගිය taehyung මේසෙන් වාඩි වෙලා ඔලුව ගහගත්තා. ඒක දැකපු ආච්චි taehyung ගෙන් මෙහෙම ඇහුවා.)
Grandma : චූටී........ මොකෝ?.
Taehyung : ඇග රිදෙනවා.
Grandma : ඇග රිදෙනවා?.
Taehyung : ම්ම්ම්.....
Grandma : ඒ මොකද?. පැනඩෝල් පෙත්තක් දෙන්නද?.
Taehyung : එපා. මේක තව ටිකකින් ඇරිලා යයි.
Grandma : ම්ම්ම්..... මෙන්න මේක කන්න. ඕක අඩු වෙයි.
Taehyung : ම්ම්ම්..... ආච්චි....
Grandma : ම්ම්ම්.....
Taehyung : මම jimin ලෑ ගෙදර ටිකක් ගිහින් එන්නද?.
Grandma : ම්ම්ම්...... කීයට විතරද ආපහු එන්නෙ?.
Taehyung : රෑ වෙන්න කලින් එන්නම්.
Grandma : හ්ම්ම්..... හ්ම්ම්.....
Taehyung : එහෙනම් මම කාපු ගමන් යනවා.
Grandma : හරි.
Taehyung : හ්ම්ම්......
( කියලා taehyung ඔලුව මේසෙන් තියන්න හදනකොටම එයා දැක්කා කවුරු හරි උඩ තට්ටුවට යනවා. Taehyung දුවලා ගිහින් බැලුවා ඒත් කවුරුත් හිටියෙ නෑ. ඊට පස්සෙ taehyung ඒක හිතන්නෙ නැතුව ඇවිත් කෑම කන්න පටන් ගත්තා. කාලා ඉවර වෙලා jimin ව හම්බ වෙන්න කියලා jimin ගෙ ගෙදර ගියා. එයාට ඊයෙ රෑ දැක්ක හීනෙ අමුතුයි වගේ කියලා හිතුන නිසා එයාට ඕන උනේ ඒක කාට හරි කියන්න. ඒක නිසා එයා ටිකක් කලබලෙන් වැඩ කරන්නෙ. එයා jimin ගෙ ගෙදර ගිහින් කිසි කතාවක් නැතුව දොර ඇරගෙන jimin ගෙ කාඹරේටම ගියා ගිහින් jimin ගෙ ඇඳෙන් වාඩි උන taehyung මූණට අත් දෙක තියාගත්තා. මේ මොන හොල්මනක්ද ආවෙ කියලා හිතාගන්න බැරි උන jimin කට ඇරගෙන බලාගෙන හිටියා. ඒක දැකපු taehyung jimin ගෙන් මෙහෙම ඇහුවා.)
Taehyung : මොකෝ?.
Jimin : මො... මොකද යකෝ මේ?.
Taehyung : ඇයි?.
Jimin : දොර කඩාගෙන ඇතුලට ආවෙ?. මම හදිස්සියේවත් ඇඳුම් මාරු කර කර හිටියා නම්.
Taehyung : අනේ ඕක මං දැකලා නැති එකක් යෑ.
Jimin : අනේ පල.
YOU ARE READING
MOON IN THE MIRROR. ( Completed )
FanficWhat do you do if you find a mirror that lets you go back in time?