( කිය කිය taehyung දොරට අත තියාගෙන හිමින් බල බල ඉන්නකොට එයාගෙ කකුල ලග තිබ්බ පොඩි ස්ටූල් එකක් වගේ එකක වැදුනා. එතකොටම ඒක උඩ තිබ්බ මල් පෝලිමට බිමට වැටිලා බිදුනා. ඒක ඇහුන ගමන් කාඹරේ හිටපු හැමෝම කතා කරන එක නැවැත්තුවා. Taehyung ට තේරුනෙ නෑ කාඹරේ ඇතුලෙ හිටපු අයට ඒ සද්දෙ ඇහුනා කියලා ඒක නිසා එයා නැමිලා ඒ වැටුන මල් පෝච්චියේ කෑලි එකතු කරන්න පටන් ගත්තා. Bek ඇවිත් එක පාරටම දොර ඇරියා. හැබැයි taehyung එතකොට එතන හිටියෙ නෑ. එයා ඉක්මනට එතනින් පැනගෙන. Bek ඒ වැටිලා තිබ්බ වීදුරු කෑල්ලක් අතට අරගෙන බලලා ජනේලෙන් එලිය බැලුවා. ඒත් කවුරුත් පේන්න හිටියෙ නෑ. Taehyung හැංගිලා හිටියෙ ඒ ජනේලෙම පල්ලෙහා. Bek ගිය ගමන් taehyung එතනින් පැනගත්තා. ඊට පස්සෙ එයා කෙලින්ම ගියේ කාඹරේට. ඒ කියන්නෙ පු%ට 😂. Jimin තාම නිදි. ඒක දැකපු taehyung ගිහින් ඇඳේ ඇලවෙලා jimin ට මෙහෙම කිව්වා.)
Taehyung : මේ........ jimin....... නැගිටිනවා..... නිදිකුම්බරයා. ඒයි...... ආ....යිෂ්. Jimin........
Jimin : ම්ම්ම්......
Taehyung : නැගිටිනවා.
Jimin : ම්ම්ම්..... සුට්ටෙන් නැගිටින්නම්.
Taehyung : සුට්ටෙන් නෙමෙයි.....
( කියද්දිම jungkook ඒ දෙන්නා ඉන්න කාඹරේට ආවා. Jungkook ආවා කියලා දැනගත්ත jimin ඉක්මනට නැගිට්ටා. Taehyung ව දැක්ක jungkook taehyung ට මෙහෙම කිව්වා.)
Jungkook : ඔය දෙන්නත් එන්න.
Taehyung : කොහෙද?.
Jungkook : එන්නකො. අපේ තටාකයක් තියෙනවා. ඒකට බැහලා ඉමු.
Taehyung : ඒ කියන්නෙ pool එකක්ද?.
Jungkook : ඇ?.
Taehyung : jimin එන්න එන්න යමු. Pool එකක් තියෙනවලු.
Jungkook : ආ... හරි හරි. Taehyung. මම ඔයාගෙ යාලුවා ගැන අපේ පියානන්ට පැවසුවා.
Taehyung : ඉතින්.
Jungkook : එයා කැමති උනා මෙයාවත් මෙහෙ තියාගන්න.
Taehyung : ම්ම්ම්.... හරි හරි. අපි දැන් pool යමු.
( කියලා taehyung jimin ව ඇදලා ගත්තා. ඊට පස්සෙ ඒ දෙන්නම jungkook ගෙ පස්සෙන් නාන තටාකය තියෙන පැත්තට ගියා. එතන jungkook ගෙ මල්ලිලා ඔක්කොම හිටියා. හැමෝම ඇඳගෙන හිටියෙ සුදු පාට කොට රෙද්දක් වගේ එකක් විතරයි. Taehyung ඇවිත් වට පිට බැලුවා. එතකොටම වගේ පැත්තක හිටපු එක සේවකයෙක් ට්‍රේ එකක් වගේ එකක සුදු පාට රෙදි තුනක් අරගෙන ආවා. ඒක අතට ගත්ත jungkook එක පැත්තක තිබ්බ පොඩි කාඹරයක් වගේ එකක් පෙන්නලා මෙහෙම කිව්වා.)
YOU ARE READING
MOON IN THE MIRROR. ( Completed )
FanfictionWhat do you do if you find a mirror that lets you go back in time?