( කියලා jungkook shay ගෙ අතේ ගැට ගහන්න කියලා එයාගෙ ඉනේ තිබ්බ රෙදි කෑල්ලක් ඉරන්න හදනකොටම taehyung එයාගෙ ලේන්සුව අරන් shay ගෙ අතේ ගැටගැහුවා. Taehyung දැක්කා jungkook shay ගෙ ලේ දිහා අමුතු විදිහට බලාගෙන ඉන්නවා. හරියට කොටියෙක් ගොදුරක් දිහා බලාගෙන ඉන්නවා වගේ. Taehyung ඉක්මනට පොඩි shay ව අරගෙන මාලිගාව ඇතුලට දිහුවා එයාට බෙහෙත් කරන්න කියලා. Taehyung වෙදදුරුට කියලා shay ට බෙහෙත් දැම්මෙව්වා. ඊට පස්සෙ shay ගෙ අම්මා shay ව කාඹරේට අරන් ගියා. Jungkook ට ටිකක් අවුල් එයාගෙ අතින් මේ සිද්ද උන දේ ගැන. එයා ගිහින් එයාගෙ අර කැලේ තිබ්බ ගෙදර ලග තියෙන පාලමට වෙලා වතුරට ගල් ගගහා හිටියා. ටිකකින් එතන්ට jimin taehyung දෙන්නා අවා. Taehyung ඇවිත් jungkook ගෙන් මෙහෙම ඇහුවා.)
Taehyung : මොකද?. අවුල් වගේද?.
Jungkook : ම්ම්ම්..... ටිකක්.
Taehyung : මොනා උනත් ඒ ඔයාගෙ සහෝදරයො කියලා අමතක කරන්න එපා.
Jungkook : මම දන්නවා. ඇයි ඔයා එහෙම කිව්වෙ?.
Taehyung : නිකන්. ඔයා ඔයාට පුළුවන් උපරිමෙන් ඒගොල්ලොන්ව බලාගන්න.
Jungkook : ම්ම්ම්......
Yoon : සමාවෙන්න කුමරුනි. ඔයාට රජ තුමා මාලිගාවට එන්න කිව්වා.
Jungkook : හරි මම එන්නම්.
Yoon : එහෙමයි කුමරුනි. ඒ වගේම තව දෙයක්. අපේ අතින් කැඩුන අර කන්නාඩිය හදන්න පුළුවන් කෙනෙක්ව මම හොයාගත්තා. එයා කිව්වා මෙච්චර දුර එයාට එන්න අමාරුයි කියලා. ඒක නිසා මම එයාට මීට ගම් දෙකක් දුරින් තියෙන ගමක් කියලා ඒ ගමට එන්න කිව්වා. එයා එහෙට ඇවිත් අපිට සංදේශයක් එවයි. ඊට පස්සෙ අපි එයාව හම්බ වෙන්න යමු.
Jungkook : ම්ම්ම්.....
( කියලා yoon ගියා. ඊට පස්සෙ jungkook taehyung ට හිනා වෙලා මාලිගාව පැත්තට ගියා. Jimin taehyung දෙන්නත් ඒ පැත්තට ගියා. Jungkook ගියේ එයාගෙ තාත්තාගෙ කාඹරේට. එයා යනකොටත් cae-si බිසව bek nek කුමාරවරු වගේම sio කුමරියත් ඉන්නවා. ඒ වගේම තුවාල උන චූටි shay ත් ඉන්නවා. Jungkook ඇතුලට ආපු ගමන් bek ගිහින් jungkook ගෙ බෙල්ලෙන් අල්ලගෙන මෙහෙම ඇහුවා.)
Bek කුමරු : නුඹ කවුරුන් කියාද සිතා සිටින්නෙ?. මාගෙ මලයන්ඩි හට තුවාල සිදු කරන්න තරම්?.
YOU ARE READING
MOON IN THE MIRROR. ( Completed )
FanfictionWhat do you do if you find a mirror that lets you go back in time?