Eun woo පෙන්නපු විදියට මගේ රූම් එක තිබ්බෙ හොස්පිටල් ගොඩනැගිල්ලට ටිකක් පිටිපස්සෙන්... මේක තනි තට්ටුවේ ගොඩනැගිල්ලක්... අවුරුදු ගානකට මෙකේ තීන්ත තට්ටුවක් නම් ගෑවිලා නෑ කියල පැහැදිළියි.....ඒත් කියන්න තරම් ලොකු වරදක් නම් නෑ.... ඒ ගොඩනැගිල්ල කෑලි තුනකට කඩල තිබ්බා...එකක් මගේ ක්වාටස් එක අනිත් දෙක කාගෙද.....
" excuse me ....eun මේ රූම්ස් දෙකේ ඉන්නෙ කවුද......??"
" ආ......මේ රූම් එකේ තීන්නේ අපේ ක්‍රීඩා භාණ්ඩ... අනිත් එක නම් ඔය medical එකේ කට්ටිය staff room එකක් විදියට යූස් කරපු එකක්.... අව්ලක් නෑ ඩොක්ටර්ට නිදහසේ මේ රූම් එකේ ඉන්න පුලුවන් ......එකම අව්ල දවල්ට එළියට බහින්න බැරි එක විතරයි ......මේ පැත්තෙ හෙන අව් කාෂටකේ... ඉර මුදුන් වෙන වෙලාවට නම් අහස දිහා බලන්න බෑ......"
" ම්ම්....තැන්ක් යූ....."
ඒ කොල්ලා මාව රූම් එක ළගින්ම ඇරලවද්දි මම මට දුන්න යතුරත් අරන් රූම් එකේ දොර ඇරල ඇතුළට ආවා....
හ්ම්ම්......කියන්න තරම් නම් වරදක් නෑ... single ඇදකුත් නෙමේ... ඩබල් එකක්ද කොහෙද .....ෆෑන් එකකුත් තීනවා.....අල්මාරි දෙකයි..... ඇටෑච් බාතෲම් එකයි මෙසෙයි පුටුවයි රෙදි රැක් එකයි.... සාමාන්‍ය නෝමල් රූම් එකක්.... මට දැනට ඇති...
මම ඇතුළට ඇවිත් දොර ලොක් කරගෙන මගේ ලැගේජ් අව්ස්සල හීනී නයිෆ් එක හොයාගත්තා..
දැන් තමයි හොදම හරිය.....
මම මගේ ෂර්ට් එක උඩට උස්සල වකුගඩුවට උඩින් ඉන හරියේ මීට සති ගානකට කලින් මැහුම් දාපු තුවාලෙ හිත ගලක් කරන් මැහුම් කැපුවා..... කරන්න දෙයක් නෑ..... වතුරට බැස්ස නම් පීනපන් කිව්වලු.... තාත්තගෙ උවමනාවට මෙතනට ආවා උනත් මේක මගේ ජිවිතේ... මගේ ජිවිතේ රැකගන්න ඕනේ....ආව ඩියුටිය කරන්න ඕනේ...
මම හිත හැදෙන්න දහසක් දේ කියාගෙන උඩ හම කපලා හංගල තිබ්බ පොලිතින් පැකට් එක එළියට අරගෙන
ලේන්සුව උඩට විසි කලා....." ස්....ස්..... දැවිල්ලයි දෙයියනේ .....ම්හ්ම්......"
ඉන අල්ලගෙනම ඇදෙන් වාඩි උන මම
තුනට හතරට නවපු ලේන්සුව අරන් ලේ වැකෙරෙන තුවාලෙට තියාගත්තා....
![](https://img.wattpad.com/cover/308070080-288-k946267.jpg)