" ඩොක්ටර් අපි එහෙනම් කාලා එන්නම්....ඩොක්ටර් එනවද.....??"
" අනේ මට නන් ඔව්වා කන්න බෑ යැන්ග් ..ඔයාලා ගිහින් කාලා එන්න....."
යැන්ග්ලා ලන්ච් වලට යන්න අඩගහද්දි මම බෑ කියල නතර උනේ මන් කොහොමත් මෙහෙන් කන්න අකමැති නිසා.....අනික මෙවෙලෙ එළියට බහින එක ෆුල් ඩේන්ජරස්....මොකද හියූ පපා කොහේ හරි ඉදියොත් අර කොහිලයි කෙහෙල් මුවයි කෙහෙල් මලයි ඔක්කොම මට ගිල්ලවනව.....
යැන්ග්ලා ගිය නිසා හොස්පිටල් එකේ මම තනි වෙද්දි අද කකුල් අතපය අඩාගෙන කවුරුත් නතර වෙලා ඉදියෙත් නැති නිසා මට පාළු හිතුනා.... mandala පොත අරගෙන අලුත් පාට පැන්සල් සෙට් එකත් දිගෑරගෙන මන් ලස්සන ආර්ට් එකක් පාට කරන්න ගත්තා....ලෝබයි අප්පා මේ පාටපැන්සල් ටික ගෙවෙනවට....
දඩාස්ස්ස්.....💥
එක පාරටම දොර පැත්තෙන් ආව සද්දෙට මන් ඔළුව උස්සල බලද්දි ඒ ආවෙ මියුන්ග්....
" myng.....ඔයා .....??"
මෙ වෙලෙ මියුන්ග් ආව එකට මම පුදුම වෙද්දි එයා ඇවිත් දොර වහලා මන් ළගට ආවා.....
" බෝබෝ....."
" මොකද මේ අවේලාවෙ.....කවුරුහරි අපිව දැක්කොත්......??"
" කවුරුත් නෑ....හැමෝම ලන්ච් වලට ගිහින්....ඔයාට පණිවිඩයක් කියන්න ආවෙ බෝබෝ......"
" හ්ම්ම්.....වාඩිවෙන්නකො.....ඔයා මොනාහරි කනවද මියුන්ග්....."
" එපා බෝබෝ.....මන් ඉක්මනට යන්න ඕනා....."
Myng මගේ ඉස්සරහින් වාඩිගනිද්දි ඉදිරි සැලසුම් වගේම මූලස්ථානේ දැනුම් දීම් ගොඩක් ගැන අපි දෙන්නා කතා කළා...වැඩ රාජකාරි ගොඩක් මගේ හිස මත පැටවෙද්දි කරන්න දෙයක් නැති කමට මන් ඒව අහන් ඉදියේ මටත් ගැළවිල්ලක් නැති බව දන්න නිසාමයි.....
" ඒක නෙමෙයි බෝබෝ....ඇයි ඔයා ඔයාගෙ ක්වාටස් එකට එන්නැත්තේ......"
Myng මගේ මූණ දිහා බලාගෙනම ඇහුවෙ අර අමුතු බැල්මට් එක මට දාගෙන....
" මන් ............"
" ඔයා කොහෙද නතර වෙලා ඉන්නෙ එතකොට ....??"
"Myng.......මන් ඔයාට මේක කියන්ම ඉදියේ.....මට ඔයාව මුණගැහුන් නැහැ කාලෙකින් මේ ගැන කියන්න ....."