chapter 28🌿❤

1.3K 290 78
                                    

පැයක් විතර මම කදුළු සේදිලා යන්න නාගත්තට පස්සෙ එළියට ආවා.... එයා මාව ඇදෙන් වාඩි කරවල කොණ්ඩෙ තෙත යනකන් හොදට පිහදාද්දි මන් එයාගෙ බඩට මූණ හේත්තු කරගෙන එතනත් කළේ කල්පනා කරපු එක....

කොණ්ඩෙ තෙත යනකන්ම පිහදාපු එයා බේබි කලෝන් බෝතලේ අරගෙන ඔළුවට දාලා හොදට මසාජ් කළේ මන් ඉන්නෙ ඔළුව කැක්කුමෙන් කියල දන්න නිසාමද කොහෙද ......

මන් ඇස් පියාගෙන එයාගෙ දෑත් වල පහසට නතු වෙලා ඉද්දි මගේ දෑස් වලට තොල් තද කරපු එයා නළලටත් හැඹුරු හාදුවක් තිබ්බා.....

" හ්ම්ම්.....පපා කෑම හදල තීන්නේ......කවන්නද......??"

" හ්ම්ම්......"

මන් ඔලුව වනමින් ඔව් කියද්දි එයා මන් ළග පොළවෙ බිම දණ ගහගත්තෙ මගේ ඇස් වලට එබෙන ගමන්....

" ඔහොම මූණ මලවන් ඉන්නෙපා.....එතකොට පපාට දුකයිනේ....ඔහොම අඩා වැලපෙන්න තරම් ලොකු දෙයක් උන්නෑනෙ චූටි.....??ම්ම්....."

ඔයා දන්නෑනෙ පපා මගෙ හිතේ තීන දහසකුත් ප්‍රශ්න ගැන....ඔයා ඒ ගැන දැනගන්නත් ඔනි නෑ....එකෙන් වෙන්නෙ ඔයාගෙයි මගෙයි අතර තියෙන විශ්වාසය කියන බැම්ම කැඩිලා යන එක.....

" ම්හුහ්....!! පපා....."

මන් එයාගෙ උරහිසට හිස හේත්තු කරගනිද්දි එයා මගේ ඔළුව අතගෑවෙ හරිම පරිස්සමට....

" පපා......."

" හ්ම්ම්......??"

" මාව නිදි කරවන්නකො...."

" බෑ බෑ....කාලා ඉමු අපි.... දැන් වෙලාව හවස තුනත් කිට්ටුයි....ම්ම්....??"

" හ්ම්ම්හ්......"

එයා තවම යුනිෆෝම් එකේ කලිසම පිටින් වෙද්දි උඩ බ්ලේසර් එක ගලවලා තිබ්බා..... එයා එතනින් නැගිටල යද්දි මන් කොට්ටයක් තියාගෙන ඇදේ වට්ටමට හේත්තු වෙලා එයා අරන් දුන්න සුදු පාට ටෙඩියව පපුවට හේත්තු කරගත්තා....

දෙයියනේ මට නුදුරේදිම මේ දේවල් දාලා යන්න වෙයිද....නැත්තන් ඊට කලින් මාව  එයාගෙ අතටම අහු වෙයිද....?? එ දෙකෙන්ම වෙන්නෙ මගේ හිතට වේදනාවක් දෙන එක නෙමෙයිද.... මට තෙරෙන්නෑ මන් මේ වෙලාවෙ කරන්න ඔනේ මොකද්ද කියල ...එයාට මේක දැන්ම කිව්වොත් මට සුභවාදී ප්‍රතිඵලයක් ගන්න පුලුවන් වෙයිද....?? ඒත් මන් කොහොමද දෙයියනේ දැන දැනම එයාගෙ පපුවට පිහියෙන් අනින්නේ....එයාට කොහොම වේදනාවක් දැනෙයිද....මාස පහ හයක් පුරාවට එයා පපුව පිරෙන්න ආදරේ දුන්න මන් විදේශික ඔත්තු කාරයෙක් කියල දැනගත්තම....ඒක හරියට සෙල්ලමක් වගේ...එයා එක්ක ප්ලේ කරපු....

Forever Love Место, где живут истории. Откройте их для себя