chapter 24🌿❤

1.5K 305 57
                                    

දවල් දොළහ වෙද්දි මට ස්ටාෆ් එකේ අයගෙන් හම්බෙච්ච තෑගිත් අරගෙන මම ගෙදර ආවා.....මන් එයාලට දුන්නෙ චොක්ලට් ගුලියක් උනත් මගේ බර්ත්ඩේයි එක කියල දැනගත්තම එයාලා මට තෑගි ගෙනත් දුන්නා....

මල් පොකුරු තුනක් වගේම තව එක එක ජාතියෙ චොක්ලට් වර්ග ගොඩක් මට ලැබුනෙ මන් චොක්ලට් කන්න ආසයි කියල එයාලා දන්න නිසා වෙන්නැති ..... ගෙදර ආව මම මල් ඔක්කොම වීදුරු වල දාලා ලස්සන කණ්නාඩි මෙසේ උඩින් තියල ඉක්මනට වොශ් එකක් දාගන්න ගියා.....

" පපා....ඔයත් ආවද....??"

" වොශ් එකක් දාගන්නෙපැයි සූටි... යුනිෆෝම් එකෙන් යන්න බෑනේ......"

" හ්ම්ම්....තේකක් ඕනෙද පපා..."

" එපා රත්තරන්....මන් ඉක්මනට වොශ් එකක් දගෙන එන්නම්...."

එයා මගේ නහය මිරිකගෙන බාතෲම් එකට යද්දි මන් ඉක්මනට කාමරේට ඇවිත් ලැහැස්ති උනා..... එයත් වොශ් එකක් දාගෙන ඇවිත් නෝමල් ඩෙනිමකට කළු පාට හූඩි එකක් දාගත්තා.....මන් දුවගෙන ගිහින් එයාගෙ පපුවට තුරුළු උනා...

" ඇයි සූටි.....??"

" හැන්ඩ්සම් අප්පෝ...."

" ඉතිං චූටිගෙනේ....."

එයා අල්මාරිය අවුස්සල ගත්ත කළු පාට කබායක් මට ඇන්දුවා...

" එහෙට යද්දි සීතලයි....ඕක දාගන්න...."

" හ්ම්ම්......"

අපි දෙන්නා අත් දෙකත් අල්ලගෙන වට පාරකින් වාහන පාර්ක් එකට ආවා....එයා හැමදාමත් වගේ ඩිෆෙන්ඩර් එක අරගෙන එද්දි මම එයාගෙ එහා පැත්තෙන් නැග්ගා.... entrance එකෙන් අපිට ප්‍රශ්නයක් නොවෙද්දි මන් එයාගෙ අතේ ඇගිලි පටලවාගත්තා....

විනාඩි දහයක විතර ගමනකින් පස්සෙ අපි ආවෙ deasong dong වලම පොඩි ගෙදරකට....

" මේ කොහෙද පපා.....??"

" යාළුවෙක්ගෙ ගෙයක්.... අපි වාහනේ මාරු කරමු... "

එයා වාහනෙන් බැහැලා යද්දි මාත් එයාගෙ පස්සෙන්ම ගියා.....එතන ඉදපු එයාගෙම වයසෙ වගේ කෙනෙක් එක්ක සුහදව කතා කරපු එයා යතුරක් අරගෙන පිටට තට්ටු කරල එන්න ආවා...

" යමු චූටියා....."

එයා සිල්වර් පාට බයික් එකක් පෙන්වද්දි  මට සතුටු හිතුනා.....අනේ අපි මෙකේද යන්නේ.....

Forever Love Where stories live. Discover now