🌌🌌🌌🌌🌌🌌🌌🌌
වෙලාව හවස හය විතර වෙනකොට ඩියුටි ඕෆ් උන මම වොශ් එකක් දාගෙන කොෆී එකක් හදාගෙන අත් දිග හූඩියක් ඇදගෙන මගේ රූම් එකට පොඩ්ඩක් එහෑයින් තිබ්බ උස පේර ගහ යට පස් කණ්ඩිය උඩින් වාඩි ගත්තා..
හරිම සීතලයි.... දුම් දාන කොෆී එකෙන් උගුරක් බිව්ව මම අහසෙ පායල තීන පුංචි පුංචි තරු කැට දිහා බලන් ඉදියා.....
අදට එයා ගිහින් සති දෙකක්.... ඉවසීම කියන දේ මේ මාස තුනටම එයා නිසා මම හොදටම ප්රගුණ කරන්න ඇති .... ඒක කොච්චර අමාරුයිද.... එයා වෙනුවෙන් තීන ආදරේ හිතේ හිර කරගෙන ඒ වේදනාව මට කාත් එක්කවත් බෙදාගන්න බෑ.... අඩුම තරමෙ ඒක ආදරයක් නන් කමක් නහැ....ඒක ඒක පාර්ශ්වීය ආදරයක්...
කොහොම උනත් මට අදින් ඒ ඉවසීමේ කාලසීමාව ඉවර කරන්න පුලුවන් ..... හෙට මගේ ge geව බලන්න පුලුවන් .... මොකද හෙට එයාලා ඉන්න ප්රදේශයට විශේෂ බල ඇණි පහක් එක්ක වෛද්ය කණ්ඩායමකුත් අරන් යනව...
ආව් ආව්....ඉතිං මටත් යන්න පුලුවන් .... ඔක්කොමටත් වඩා මට එයාව දකින්න පුලුවන් ..... ඒත් අද මට ඊට වඩා විශේෂ වැඩක් තියෙනව.....
කොෆී කෝප්පේ අන්තිම උගුර දක්වා බීපු මම වෙලාව බැලුවා.....අටට කාලයි....මියුන්ග් දැන් එන්න ඕනේ....
මම ආයෙත් අහස දිහා බැලුවා.... ඇයි අප්පා මේ ශාන්ට මම දිහා බලලා අඩුම කිස් එකක් වත් දෙන්න බැරි .... එයා විවෘත නෑ කිසි කෙනෙක් එක්ක... එයාට තේරුම් ගන්න බැරි කමක් නෑ මගේ හිතේ තියෙන හැගීම්.... එයා නොතේරුනා වගේ ඉන්නව....මහ මෝඩ ඌරෙක්.....
" ආහ්.....මියුන්ග්......."
කල්පනා ලෝකේ ඉදපු මම ගැස්සෙනේ බෙල්ලට දැනුන සීතල දෙතොල් පහසක් එක්ක වෙනකොට මියුන්ග්ගේ අත් මගේ බද වටේ එතුනා....
" මියුන්ග්....මොන මගුලක්ද හලෝ කරන්නේ.....මාව අතාරින්නකෝ......"
" මගෙ කියුට් බෝබෝ......."
" අනේ මියුන්ග්......"
" හපො හරි හරි ඔන්න.....ඔන්න අතෑරියා......"
මියුන්ග් මගේ ඉන වටෙන් අත් අයින් කරගනිද්දි මම මියුන්ගේ මූණ දිහා බැලුවා....