O2

1.3K 245 139
                                    








හුම් එකම කොල්ලා හින්දනේ මේ සේරම. කමක් නෑ මං පපුවත් ඉස්සරහට දාගෙන ලොක්කා වගේ අර කිලෝමීටරේ ඇවිදන් ගිහින් ඒ කාමරේ වීදුරු දොරට නහය තද කරගෙන ඇතුල බැලුවා.

දන්නවද මේක තමයි මං ආසම විදිහ! මං මෙතන මේ වගේ තැනක් වෙයි කියලා තුන් හිතකින් වත් හිතුවේ නෑ. මං ඇවිදන් එද්දි පාස් කරන් ආපු හැම කාමරේකටම වඩා මේක ටිකක් ලොකුයි. ටිකක් නෙමෙයි ඊට වඩා ලොකුයි. රතු ගඩොලින්ම තිබ්බ කාමරේ පුරාම කලු පාට frame ගහපු ලොකු ජනෙල් තියෙනවා. මාරම එලියයි. මේක දිහා තව බලන් ඉන්න බැරි නිසා මං දොරත් ඇරගෙන ඇතුලට ගියා.

ඒ දොරෙන් ඇතුලු උනාම මට නිකන් මාව වෙනම ලෝකයකට ඇදිලා ගියා වගේ හැගීමක් ආවා. මේ ලොකු කාමරේ ඇතුලේ මැද්දට වෙන්න ලී පොලොවේ කලු පාට Pearl River grand piano එකක් ලස්සනට සද්ද නැතුව හිටගෙන හිටියා.

ඒක දැක්කම එතනට යන්න මගේ කකුල් දෙක දැගලුවා. ඉතින් මං තවත් දොර ලග හිටන් ඉන්නේ නැතුව එතන ලගට යද්දි අර ඇරලා තිබ්බ ලොකු ජනෙල් වලින් ඇගට සනීපයක් දැනෙන හුලං පාරක් මගේ ඇගෙත් හැප්පීගෙන එහා පැත්තෙන් එලියට ගියා.

"වාව්"

මුලු කාමරයම දිහා ඇස් යැව්වා පස්සේ මගේ කටින් නිකන්ම ඒ වචනේ පැන්නා. මේ කාමරේ මොකක්ම හරි දේකට කියලා තියෙන්නේ මේ grand piano එක නිසා මගේ කටහඩ කාමරේ ඇතුලේ ටිකක් රැව් දුන්නා.

"Pearl River..."

මං එකේ fallboard එක ඇරියා. මේක අන්තිමටම play කවුද? නෑ මේකේ දූවිලි ඒකයි. වට පිට බැලුවත් මට පොඩි රෙදි කෑල්ලක්වත් හොයා ගන්න බැරි උන නිසා මං බෑග් එකේ දාගෙන එන සර්වියට් එක අරන් එකේ keyboard එක පිහ දැම්මා. මට කමක් නෑ සර්වියට් එක කිලිටු උනත් මොකද මං මේකට දැන්මම ආදරෙයි.

මම keys ටික පිහදාලා keyboard එකේ එක key එකක් උඩට ඇගිල්ලක් තියලා තද කරා. ඒ second octave එකේ G note එක. මං ඒ සද්දෙට එන්නත් කලින් ඉදන්ම කැමති උනා.

*cough cough*

හම්මෝ දූවිල්ල! පස්සේ මං ඔක්කොම පැත්තකින් තියලා grand piano එක පිහ දැම්මා. සාමාන්‍යය upright piano එකකට වඩා මේක ලොකු නිසා ඒකටත් ටිකක් වෙලා ගියා.

Touchable You ✓Where stories live. Discover now