XiaoLi.. XiaoLi..? XiaoLi??!!
අනේ මගේ XiaoLi!! ඔයා කෝ?!! අනේ ඇයි මට මුකුත් පේන්නේ නැතාතේ?? මං කොහෙද? ආහ්!! මගේ ඔලුව! ඒක පැලෙන්න රිදෙනවා..! මට.. මට හෙලවෙන්නවත් බෑ!! අනේ මට මගේ XiaoLi ගාවට යන්න ඕනේ!! මං මොන ලෝකෙද මේ ඉන්නේ??
"ම්ම්හ්හ්හ!!!"
මගේ කට ගැට ගහලා! ඒත් මං මට පුලුවන් වෙර දාලා උගුරෙන් කෑගැහුවා.
"ඔය කට ලෙහන්න!"
මහ අමුතුම ජාතියේ ගොරෝසු කටහඩක් මට ටිකක් ලගින් ඇහෙද්දි කවුරු හරි ඇවිත් මගේ බැඳලා තිබ්බ කට ලෙහුවා.
"XiaoLi!!"
මැරෙන්න ලං උනත් මගේ කටින් පිට වෙන්නේ ඒ නම විතරයි.
"හ්ම්!"
අර අමුතූ කටහඩ.. මං ඒ හඩ එන පැත්තට ඔලුව හරවලා ඒ කටහඩ අදුන ගන්න උත්සහ කරා. එත්.. මං එහෙම කටහඩක් මීට කලින් කවදාවත්ම අහලා නෑ..
"ඔයා හොයන කෙනා මෙතන නෑනේ"
අර කටහඩ හරි අමුතුම තාලෙකට මට එහෙම කියද්දි මගේ පපුව ගැහෙන වේගේ එන්න එන්නම වැඩි උනා. ඒ කටහඩේ හැංගුණ නපුරු ගතිය.. උපහාසාත්මක කම.. මං මීට කලින් දැකලා තියෙන්නේ එකම එක්කෙනෙක්ගෙන් විතරයි..
"ඔයා කවුද!? ඇයි මාව මෙහෙම ගෙනාවේ?? ඔයාලට මොනාද මගෙන් ඕනේ??"
මං මගේ සාමාන්ය කටහඩට වඩා සද්දෙන් කතා කරද්දිත් මට ඇහුනේ මගේම කටහඩ මේ කාමරේ දෝංකාර දෙන සද්දේ විතරයි..
"මගේ පුතා..."
මං ගැස්සිලා ගියා! ඒ කටහඩ ඇහුනේ මගේ කන ලගින්ම නිසා මගේ ඇගේ හිරිගඩු පිපුනේ නෑ කිව්වොත් මං වැරදියි.
ඒත් එක්කම මගේ ඔලුවට ආවේ එකම එක දෙයයි..
'මම හරි...'
ඒ XiaoLi ගේ තාත්තා.. මෙච්චර කාලයක් අපි දෙන්නගෙම හිත් ඇතුලේ හොල්මන් කරපු ඒ කෙනා.. මාව මේ ලෝකේ මට වටින එකම වස්තුවෙන් වෙන් කරන්න හදන ඒ කෙනා.. මට එයාව බලන්න ඕනේ..
"එයාව මට දෙන්න බෑ.."
මං කිසිම කලබලයක් නැතුව එහෙම කියද්දි XiaoLi ගේ තාත්තා ලාවට හිනා වෙන සද්දේ මට ඇහෙන්න ගත්තා.
"ඇයි ඒ?"
"එයා මගේ..."
එයා මගේ..! එයා මගේ තමයි..! මං එයාව කාටවත් දෙන්නේ නෑ! එයා මගේ හැමදේම!