XiaoLi වචන දහයක් කතා කරොත් ඒකෙන් වචන පහක් මට කොහෙත්ම තේරුම් ගන්න බෑ. ඒත් එයා මං දිහා මෙහෙම බලන් ඉද්දි මට කිසි දෙයක් තේරුම් ගන්න දගලන්නේ නැතුව එයාගේ දිලිසෙන ඇස් වල ගිලිලා ඒ දිහාම බලන් ඉන්න හිතෙනවා...
ඔන්න ආයෙත් කියන දෙයක් අහන්නේ නැති මගේ පපුව පිස්සුවෙන් වගේ ගැහෙන්න පටන් ගන්නවා. මං දන්නවා තව ටිකකින් ඒකේ සද්දේ එලියටත් ඇහෙනවා.
"මං ආසම beat එක.."
දැනටමත් ඇහිලා..
XiaoLi එහෙම්මම ඉදගෙන එක අතක් මගේ පපුව උඩට ගෙනත් නතර කරා..
හවස් වෙලා වැටෙන තැඹිලි පාට ඉර එලිය අර ලොකු ගහේ අතු අතරින් අපි ඉන්න practice room එකේ අපිලිවෙල ඒත් පිලිවෙලකට අතුරලා තියෙන ලී පොළවට වැටිලා දිලිසෙන්න අරන් Perarl River එක උඩට ඒ හැරිලා එන එලිය වැදිලා තිබ්බා.
XiaoLi ගේ කතාවෙන් මගේ පපුව ගැහෙන වේගේ තවත් වැඩි උනා. ඒ විතරක් නෙමෙයි මං දැන් ගොලුවෙක් වෙලා.
"මතක තියා ගන්න DaXin.. මං කැමතිම heart beat එක ඔයා... ඒක අමතක කරන්න එපා"
එයා එහෙම කියන ගමන් එයාගේ පැත්තට බෙල්ල හරවන් බලන් ඉන්න මගේ නලලට එයා නලල තියාගෙන XiaoLi ඇස් දෙක වහගත්තා.
මං දන්නේ නෑ මට මේ මොනා වෙනද කියලා.. ඒත් මං හිතන්නේ මගේ හිත XiaoLi ට එන්න එන්නම ඇදිලා යනවා.. හරියට දැන් එයා නැතුව මට එක තත්පරයක්වත් ඉන්න බෑ වගේ.. මං එච්චරටම දැන් එයාට ලෝභ වෙලා..
එයා දිහා බලන් ඉදලා ඉවසන් ඉන්න බැරි තැන මං මගේ එක අතක් ගෙනත් එයාගේ කන්මුලක් අල්ල ගත්තා.. ඒ ඉද්දි මට එයාගේ සුවද මොන වගේද කියලා දැන ගන්න ආසාවක් ආවත් මට එයාගෙන් කිසිම සුවඳක් ආවේ නෑ.. හ්ම්.. ඒ සුවඳ මං හොයා ගත්ත නම් මට ඒ සුවඳ මං ගාව තියාගෙන එයා නැති වෙලාවටත් එයා මං ගාව කියලා හිතාගෙන සැනසෙන්න තිබ්බා..
"මට මේක අහන්න ආසයි..."
XiaoLi මගෙන් ඈත් වෙන ගමන් මගේ පපුව දිහාවට ඇස් යැව්වා. ඔන්න දැන් මගේ ඇග ඇතුලේ අකුණු ගහන්න පටන් ගත්තා..
"අහන්න..."
මං එහෙම කිව්වම XiaoLi මට අමුතුම හිනාවක් දීලා මගේ අතත් ඇදගෙන අර ලොකු ජනේලේ ගාවට ඇදගෙන ගිහින් මාව ඒ ජනෙල් පඩිය උඩ ඉන්දලා එයා මගේ කකුල් දෙක මැද්දට ඇවිත් එයාගේ අත් මගේ වටේට යවන ගමන් මාව බදාගෙන දැන් පිස්සුවෙන් වගේ ගැහෙන මගේ පපුව උඩින් කන තියාගත්තා.