Art miss එතනින් ගියාට පස්සේ මං ඉතින් අපේ house එකට වෙලා ඉදගෙන අත් දෙකත් බැදගෙන ground එකේ යන games දිහා බලන් හිටියා. ෂෝයි ඉතින් මටත් ඒක කාලේ මතක් උනා. මේ වෙලාවේ ground එක මැද්දේ ඉන්නවා කියන්නේ ඉතින් හොඳට රත් උන තෙල් තාච්චියක් මැද්දේ ඉදන් වතුර නානවා වගේ දෙයක්. එච්චරටම පිච්චෙනවා මේ ළමයි කොහොම ඉන්නවද මන්දා. සමහර ළමයි නිකන් තම්බපු ඉස්සෝ වගේ! එ.... ඉස්සෝ කියද්දිත් මගේ උගුර දගලනවා! මට sea food allergic.
මේතන හෙවන තිබ්බත් රස්නේ එකේ අම්මෝ! මං නම් ඔය මොනාටවත් යන්නෑ..! තෑග්ගට trip එකක් එක්කන් යනවා කිව්වත් යන්නෑ!
ටිකක් වෙලා යද්දි අපේ Yuliලා ගේ team games පටන් ගත්තා. එතකොට නම් මං ටිකක් ලගට ගිහින් cheer කරා මගේ කෙල්ලනේ! මං අපේ house එකේ පාටට කොල පාට කොඩියකුත් අරන් එයාලගේ games තියෙන තැනට ගිහින් ඉද්දි XiaoLi ගේ අක්කාත් ආවා. එයා ෂෝයි අර වෙස්සමුනියා ආරූඪ වෙලා වගේ ඉන්න එයාගේ මල්ලි වගේ නෑ! කාටද අනේ ඒ මනුස්සයා එක්ක පුලුවන්? XiaoLi ඉස්සර කිව්වා හරි එයා එක්ක කාටවත් ඉන්න බෑ තමයි හූම්!
"come on Yuli!"
මං එහෙම කෑගහද්දි කෙල්ල මට දත් සෙට් එකම පෙන්නලා හිනා උනා. කොහෙද දන්නෑ එයාගේ බාප්පි. කොහෙ හිටියත් කමක් නෑ මට ඔරවන්නේ නැතුව!
Game එක පටන් ගත්තට පස්සේ ඉතින් මාත් හිටියේ පාස් කරන බෝලේ මට එනවා වගේ බලාගෙන. මරු ඉතින්.. පොඩි අයගේ game එකක් උනත් stress release වෙනවා ඒක කරාම. අපේ Yuli ඉතින් වැඩ්ඩා! අනිත් houses වල ලමයි නිකන් පාන් කලා වගේ දුවද්දි මගේ බටු ඇටේ නිකන් bullet එක වගේ දිව්වේ හුම්! එයාලා විනාඩි ගානකින් game එක වින් කරද්දි මාත් විසිල් පාරක් ගහලා Cheer කරා.
ඒක ඉවර වෙලා Yuli මං ගාවට දුවන් එද්දි මං එයාව උස්සලා වටයක් කරකෝලා වඩාගෙන ලොකු උම්මා එකක් දුන්නා. අපේ ඔක්කොම විකාර ඉවර උනාට පස්සේ තමයි කෙල්ලට අම්මා මතක් උනේ.
Yuli ව අක්කාට දීලා ඊට පස්සේ මං ආයේ ගිහින් පැත්තකට වෙලා ඉදන් හිටියා. Game එකක් බලන එකත් වැඩක්නේ! මට මහන්සියි. ඒ ඉද්දි තව එක එක games තිබ්බා මං ඒවනම් ඉතින් බලන්න ගියේ නෑ. ඒ අස්සේ මොකද්ද සිංදුවකුත් play වෙනවා. අද නම් හොඳ ගනන්. මං සීයා කෙනෙක් කියලා හිතන්න එපා ඒ මගේ හැටි!