"DaXin!! කොහෙද යන්නේ ~~ මෙහෙට එන්නකෝ!"
මං XiaoLi ලගට ලං උනා විතරයි science miss! එයා car park එකේ එහා කොනේ ඉදන් අපේ පැත්තට ඇවිදගෙන එද්දි මං ආයෙමත් XiaoLi ගේ පැත්තට හැරුනා.
"Baby ~~~!"
මං එයාට කතා කරන්න යද්දිම වගේ කන කීං ගාන ගෑනු කටහඩක් අපි ඉන්න පැත්තට කැරකිලා ආවා. කවුද ඒ?? මට කියන්න එපා..
"Baby whare are you!!"
කොහෙන්ද පාත් උනේ කියලා හිතා ගන්න බැරි තැනකින් කඩාගෙන ආපු ගෑණු කෙනෙක් ඇවිත් මගේ XiaoLi ගේ අතේ එල්ලුනා.. ඒ බලන් ඉද්දිම එයාගේ ඇස් රැලි වෙලා මූන නිල් වෙන්න ගත්තා.. අනේ මොකද්ද මේ වෙන්නේ?? ඇයි මේ? කවුද මෙයා?? XiaoLi ඔයාට බෑ මට මෙහෙම කරන්න!
XiaoLi මගේ දිහයි ඒ කෙල්ල දිහයි මාරුවෙන් මාරුවට බලලා එයාගේ අත වටේට ගියපු අර කෙල්ලගේ අත ගලෝලා අයින් කරා. ඒ මූනේ තියෙන නපුරුකම..
"Science miss මෙහෙ එන්නකෝ මට ඔයත් එක්ක පොඩි කතාවක් තියෙනවා"
ඒ අස්සේ මට අපේ art miss ගේ කටහඩත් ඇහෙන්න ගත්තා. මං නිකමට වගේ පිටිපස්සේ හැරිලා බලද්දි එයා අතේ මොනාද පටි වගයකුත් තියාගෙන මගේ පැත්තට එන science miss ව එයාගේ පැත්තට ඇදලා අරන් එයා බෑ කියද්දිත් කොහෙටද මන්දා ඇදන් ගියා.
"where have you been අනේ! මං ඇවිත් ඔයාව හැමතැනම හෙව්වා!"
XiaoLi අත අයින් කරාට පස්සෙත් ඒ කෙල්ල අත් ගස ගස කතා කරන්න ගත්තේ නිකන් මොකද්ද වගේ. එයාගේ උඩ ඉදන් පහලටම scan කරාම මට හිතුනෙම මෙයා දැන් night club එකකින් එලියට ඇවිත් වගේ..
"ඔයා මොකටද මෙහෙට ආවේ?! මං කියලා තියෙනවනේ ඔයා මෙහෙට එන්න ඕනේ නෑ කියලා!"
XiaoLi ගේ වචන ඇත්තටම පිටකරේ කේන්තියෙන්.. ඒ බැන්නේ මට නොවුනත් එයා කියපු දේවල් වලට මගේ හිත පෑරෙන්න වැඩි වෙලා ගියේ නෑ.. ඒ කියන්නේ මෙයාලා මීට කලින් ඉදන් අඳුරනවද.. අනේ දෙවියනේ මට කියන්න නම් එපා..
"එහෙම කියලා බෑනේ darling! අනික මං මෙහෙට ආවා කියලා මොකද්ද තියෙන වැරැද්ද? I'm your babe noh!"
මොකක්?? මොකද්ද ඒ කිව්වේ? XiaoLi ඔයා..
මට තවත් මෙතන ඉන්න ඕනේ නෑ.. මෙතන හිටියොත් පිරිමියෙක් උනත් මට XiaoLi ගේ ඉස්සරහ ඕන තරම් අඩන්න පටලුවන් ඒත් ගෑණු කෙනෙක්ගේ ඉස්සරහ නම් කොහෙත්ම අඩන්න බෑ!