"මේකයි DaXin... මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.."
Miss එහෙම කියද්දි මගේ ඇග ටිකක් සීතල වෙන්නත් ගත්තා..
"එන්න miss මොකද්ද ප්රශ්නේ"
මං එහෙම කියන ගමන් ආයෙත් පන්තිය ඇතුලට ගිහින් මේසයකට හේත්තු උනේ එයාට මොකක් හරි ප්රශ්නයක් ද දන්නෙත් නැති නිසා ඒක අහන්න.
මං අරම කිව්ව නිසා science miss කොරිඩෝර් එක පැත්තට බෙල්ල හරවලා ඒ පැත්ත බලන ගමන් music room එක ඇතුලට ආවා.
"DaXin.. අහන්න මට ඇත්තටම ඔයාට කියන්න දෙයක් තියෙනවා.."
"ඔව් මිස් කියන්න"
"ම්.."
මං අත් දෙකත් බැදගෙන එයා දිහා බලන් ඉද්දි science miss අත් වල ඇගිලි එකට හප්පන ගමන් කලබලෙන් ඇස් වටේටම යැව්වා.
"මිස් මොකක් හරි ප්රශ්නයක් ද?"
"න්.. නෑ DaXin.. මට අද මේක යන්න කලින් ඔයාට කියන්නම ඕනේ.. ඒත්.."
"ඒත්?"
"මට.. මට ඒක කියාගන්න වචන එන්නේ නෑ"
මං බැදන් ඉන්න අත් දෙකත් ලෙහාගෙන science මිස් ලගට ගිහින් එයා පහලට හරවගෙන ඉන්න මූන දිහා බැලුවා. මෙයා කියන්න හදන දේ ගැනමද දැන් මාත් හිතුවේ? එහෙම නම් වෙන්න එපා මං වදින්නම්!
"මිස් මොකද්ද අවුල?"
"මේකයි.. DaXin මට මේක කලින් කියන්න ඕන වෙලා තිබ්බා ඒත්.. අනේ මට කියා ගන්න බැරි උනා..."
මගේ පපුවත් දැන් ගැහෙන්න අරගත්තා..! මොකද්ද මිස් කියන්න හදන්නේ..??
"ඔව් මිස්.."
"අහ-"
මිස් කතා කරන්න කලින් ඒ ගමන මගේ ෆෝන් එක මහ හයියෙන් ring වෙන්න ගත්ත නිසා එයා කියන්න යන දේත් නතර කරන් මගේ මේසේ දිහා බැලුවා. Sure එකටම ඒ කතා කරන්නේ XiaoLi වෙන්න ඇති!
"ඉන්න මිස් මං බලලා එන්නම්"
"ඉන්න DaXin!.. මේක අහලා ඕන දෙයක්"
මං ෆෝන් එක ගන්න යද්දි science miss මගේ අතින් අල්ලලා යන එක නතර කරා. මොකද්ද අද මෙයාට වෙලා තියෙන්නේ..?
"DaXin මං ඔයාට කැමතියි"
"..."
"මං දන්නවා ඔයා ඒක බලාපොරොත්තු උනේ නැතුව ඇති ඒත් මං ඔයාට කැමතියි"