16

788 196 200
                                    

"ඒක නෙමෙයි DaXin මට ඔයාට ඉන්න හොඳ තැනක් හම්බුනා! ඔයා කැමති නම් ගෙදර යන ගමන් බලන් යන්න පුලුවන්"

ඒ වචන ටික ඇහුනට පස්සේ මගේ ඔලුවේ තිබ්බ ලොකු බරක් නිදහස් උනා වගේ දැනුනා.. තැන මොකක් උනත් මං දැන් ගන්න ලෑස්තියි.

"ඔය ඇත්තමද? මට පුලුවන් sir අපි ගෙදර යන ගමන් බලන් යමු.. මට දැන් නම් ඕන තැනක් වටිනවා"

තිබ්බ සතුටට මට එහෙන්මම කියවුනා.

"හා එහෙනම් Sir ඉවර උනාම මං car park එක ලගට ඇවිත් ඉන්නම්"

ඒ Sir එහෙම කිව්වම මං ඔලුව වනලා සැනසිමෙන් හිනා උනා.

මෙයාලා එක්ක කතා කර කර ඉද්දි දන්නෙම නැතුව interval එකත් ඉවර උන නිසා මං ආයෙමත් Music room එකට ගියා. ඒ යද්දිත් class එකට ළමයි ඇවිත් ඉන්නවා සද්දේ ඇහුනම මං ආයෙත් මගේ අතේ බැදන් හිටපු ඔරලෝසුවෙන් වෙලාව බැලුවා. මං ගානට ඇවිත් තියෙනවා..

සද්දේ වැඩි නිසාම මං ඇතුලට යද්දි තව කටහඩක් ඇහුනා.

"ළමයි කෑ ගහන්න එපා දැන් ඔයාලගේ sir එයි.. සද්දේ වැඩි උනොත් අපි දන්නේ නෑ එහා පැත්තේ ලොකු පන්තියක sir කෙනෙක් ඇවිත් ඔයාලට දෙයි පාර"

මං කෝකටත් කඩන් බිඳන් ඇතුලට යන්නේ නැතුව මග ඉදන්ම වෙන දේ දිහා බලන් හිටියා. ඒ කතා කරේ miss කෙනෙක්. මං එයාව ඊයෙවත් දැක්කේ නෑ.. කවුද දන්නේ නෑ?

තවත් මෙතන හිටන් ඉන්නේ නැතුව මං class room එක ඇතුලට ගියා. මම ඇතුලට ආවා විතරයි පන්තියම හුම් සද්ද නැති උනා.

"ආහ් sir.. මං මේ සද්දේ නිසා class එකට ආවේ chatterbox ටික වහගන්න කියන්න"

මං පන්තියට එද්දි අර මිස් මට හිනාවක් එක්කම එහෙම කියද්දි මාත් පොඩි හිනාවක් දාලා ඔලුව වැනුවා.

"sir නේද අලුතෙන් ආපු music teacher? ඔයා මාව නම් දන්නේ නැතුව ඇති මොකද මං මේ දවස් ටිකේම sick leave හිටියේ.. මම තමයි ඔයාගේ අල්ලපු වත්තේ අසල්වැසියා art teacher"

ඒ මිස් මාත් එක්ක හොඳට හිනා වෙලා කතා කරේ හරියට මාව අවුරුදු ගානක් තිස්සේ ඉදන් දන්න කෙනෙක් වගේ. එයා එච්චරටම මිතුරු විදිහට කතා කරා. පෙනුමෙන් එයා ගොඩක් හුරුබුහුටි එකම වයසේ වගේ හිතුනේ. එයාගේ හිනාව සමාජශීලී. Heart shape මූන කලු පාට උරහිස වෙනකන් දිග කඩපු කොන්ඩේ තට්ටු තට්ටු වෙන්න කපලා තිබ්බා. අසල්වැසියා මෙහෙම කෙනෙක් උන එක ගැන දැන් පොඩි සැනසිමක් තියෙනවා. මොකද මං අහලා තියෙනවා අසල්වැසි  ගුරුවරු හැම තිස්සෙම පොලු හරස් කර ගන්නවා කියලා. ඉතින් මෙයා එහෙම කෙනෙක් නෙමෙයි වෙන්න ඇති.

Touchable You ✓Tahanan ng mga kuwento. Tumuklas ngayon