"XiaoLi...!"
එයා ඉර එලිය වැටුන කොරිඩෝර් එකක් දිගේ ඇවිදගෙන යද්දි මගේ කටහඩ ඇහුන ගමන් නතර වෙලා මගේ පැත්තට හැරුනේ අනේ මගේ දිලිසෙන ඇස් දෙකත් රැලි කරගෙන..
"මොකද්ද කිව්වේ?"
අනේ ඇයි ඔච්චර නපුරු...
"sorry... Sir..."
දැන් අඩන්න වෙලාව නෙමෙයි.. මං හිමීට එයා ගාවට ඇවිදන් යද්දි එයා සාක්කුවකට අත දාගන්න ගමන් මගේ උඩ ඉදන් යටටම බැලුවා.
"මොකද්ද වෙන්න ඕනේ?"
එයාට අඩි දෙකක විතර දුරකදි මං නතර වෙද්දි එයා ඇහුවේ හරියට මාව පිට මිනිහෙක්ට දාලා.. ඒත් මං සැලෙන්න කැමති නෑ..
"මාව.. මාව මතක් කරන්න.."
මං එහෙම කියද්දි එයා ඇස් දෙකත් රැලි කරගෙන කතා කරන්න ගියා.. ඒත්.
"please.. මට බනින්න එපා.. මොකද ඔයාමයි කිව්වේ මට ඔයාව හොයාගන්න කියලා.. XiaoLi"
මගේ කදුලු වලට පාලනයක් නෑ.. ඒවා මං කියන දේ අහන්නේ නෑ..
"ඇත්තටම ඔයා කවුද? ආහ්?"
"මං ඔයාගේ.. මං මුලින්ම ඔයාගේ යාලුවා.."
මං එහෙම කියද්දි එයාගේ රැලි උන ඇස් අමුතු විදිහකට වෙනස් කරන් මං දිහා බැලුවා..
"මට යාලුවෝ නෑ..! ඉඳලත් නෑ"
එයා අඩයකින් මං ගාවට ලං උනා.
"ඒක මං දන්නවා XiaoLi... ඒත් පස්සේ ඔයාට හම්බුනා.."
මං දැන් මෙයාට එයා coma වෙලා ඉද්දි මාව හම්බුනා කිව්වොත් ඇත්තටම මට බැනලා පුලුවන් නම් මාව මේ ඉස්කෝලෙනුත් අයින් කරන්න බැරි නෑ.. මොකද එයාම එයා ගැන මට කිව්ව දේවල් මට හොඳට මතකයි..
'මං ගොඩක් අහංකාරයි DaXin.. මාව විස්තර අරන්න ඒ වචනේ විතරක් ඇති.. ඇති කියන්නේ මට එතනින් එහාට මං ගැන විස්තර කරන්න වචන හොයා ගන්න නෑ... මම මහ හිතා ගන්න බැරි චරිතයක් තිබ්බ කෙනෙක්'
ඔයා දැන් ආයෙමත් කලින් හිටපු කෙනාම උනාම මට මොන තරම් දුකක් විදින්න වෙයි ද කියන්න මං වත් දන්නේ නෑ.. දෙවියොත් දන්නේ නැතුව ඇති.. ඒත් මං ඔයා වෙනුවෙන් ඕන දුකක් විදිනවා XiaoLi..