"ම්... ම්ම්ම්.. ම්.. ම්ම්.."
මං සිංදුවකුත් මුමුන මුමුන මගේ කාමරේ තියෙන piano එක ලගින් ඉදගත්තා. අද මට කවදාවත් නැතුව piano එක ආසාවන් ගහන්න හිතුනා.
"හාහා.. ඔහොම නෙමෙයි මෙහෙම ගහන්න"
මම එහෙම කියන ගමන් හිනා උනා. එහෙම තමයි මට XiaoLi trill එක play කරන්න කියලා දුන්නේ.
මම හිතන්නේ මේ අවුරුදු ගානටම මං මනුස්සයෙක් එක්ක එකට දෙයක් ඉගෙන ගත්ත පළවෙනි පාර අදද කොහෙද. Specially piano එකේ.. මට සතුටුයි ඒත් එක්කම ලෝභ කමකුත් ආවා මොකද මට practice period එක ඉවර උනාම එහෙන් යන්න වෙනවා. මට විතරක් නෙමෙයි ඉතින් එයාටත් යන්න වෙනවා... එතකොට මට එයාව ආයේ හම්බවෙන එකක් නැති වෙයිද? සමහර විට එකයත් මං යන academy එකටම apply කරාවත් ද දන්නෑ. මට ඒක අහන්න බැරි උනානේ! කමක් නෑ හෙට අහනවා.
"ම්ම්..ම්..ම්...ම්ම්ම්..."
මං මුමුන මුමුන හිනාවෙන ගමන් piano එකේ fallboard එක ඇරියා.
"මොකද DaXin තනියම හිනා වෙන්නේ?"
මගේ කල්පනා ලෝකේ බිදගෙන අම්මගේ කටහඩ ඇහෙද්දි මං ගැස්සිලා එයා දිහා බැලුවා.
"ආ?"
"මොකද තනියෙම හිනාවෙන්නේ?"
"ම.. මං හිනා උනේ නෑ"
"හ්ම්... අද මොකද උනේ?"
අම්මා හොරෙන්ම මගේ කාමරේට එබිලා. අනිත් සැරේ නම් මං දොර ලොක් කරගන්නවා. බැන්නත් කමක් නෑ! මොකද එයාලා මට කාමරේ දොර ලොක් කරගන්නවත් දෙන්නේ නෑ.
"වෙනදා වගේම තමයි.. practice කරා.."
මං බොරු කිව්වේ. අද තමයි මං එතන ආසාවෙන්ම හිටපු දවස...
"ම්.. හොඳයි දිගටම practice කරන්න.. දන්නවනේ තාත්තගේ හැටි DaXin.. කොහොම හරි කරලා academy එකට තේරෙන්න"
"ම්..."
අම්මා අත් දෙකෙන් උළුවස්සට බර වෙන ගමන් කතා කරද්දි මං හූමිටි තිබ්බා.
"ඔයා එහෙනම් practice කරන්න මං කන්න කතා කරන්නම්"
"අම්මා"
"ඇයි?"
ඇයි මං කතා කරේ?
"න්.. නැ... නිකන්.. "