තව මුකුත් ඕනේ නෑ මේ කරපු හරිය හොඳටම ඇති!
මං XiaoLi ගේ අතින් ඇදගෙන අර ගල් වෙලා අපි දිහා බලන් ඉන්න කෙල්ලෝ ටිකටත් කට කොනින් නෝන්ඩි හිනාවක් දීගෙන එතනින් එන්න ආවා. ආවා මෙතන බලන්න!
දවල් වෙල්වේ කැලේ මැද්දෙන් යද්දි වටේට ටිකක් දාඩිය දාන්න ගත්තා. අනික කලින් අතනින් ආපු වේගෙටම මං ටිකක් දුර එනකල් XiaoLi ව ඇදගෙන ආපු නිසා අපිට කොහොමත් දාඩිය දාලා තිබ්බා.
"හෝව් බබා හිමින් යමු ඔයා මාව හම ගහන්නද ඔය ඇදන් යන්නේ"
මං XiaoLi ගේ අතත් ඇදගෙන ඉස්සරහින් යද්දි එයා නූල වගේ මගේ පිටිපස්සෙන් ආවා.
"ඔව්!"
"මං පව් නේ"
"පොඩ්ඩක්වත් නෑ!"
"ආ එහෙමද?"
"ඔව්!"
XiaoLi හිනා වෙවි මගේ ඉන කිචි කරවද්දි මං අඩි පාරේ ඇවිද්ද නිකන් කටු ගොඩක් උඩින් යනවා වගේ!
"XiaoLi ඔයා හරි කපටි හරිද!"
"ඔව් මං කපටි ඇයි මොනා කරන්නද?"
"එපා~~ ඕක නවත්තන්න!!"
මං එයාගේ අත් ඈත් කරන ගමන් ඉස්සරහට දුවන්න හදද්දි XiaoLi මාව ඇදලා අරන් පිටි පස්සෙන් බදාගත්තා.
"කොහෙද දුවන්නේ ආ"
එයා මාව ඇගට තද කරගන්න ගමන් මගේ බෙල්ලේ තොල් ගාවන්න පටන් ගත්තා.
"XiaoLi කවුරු හරි එයි"
"මේ කැලේ?"
XiaoLi මගේ කන් වලට කොදුරන ගමන් මං ඇදන් හිටපු ටී ෂර්ට් එක යටින් අත අරන් ගියා..
"Xi.. XiaoLi.."
"දැන් ඔයාට නෙමෙයිද බබා ප්‍රශ්නේ ආවේ මං ඔයාව වෙන අය ඉස්සරහා අල්ලන්නේ නැති වෙයි කියලා? ම්?"
එයා ගොරොසු කටහඩකින් මගේ කන ලග මුමුනද්දි මගේ ඇගම වෙව්ලලා ගියා.. ඉතින් දෙවියනේ..
"මේක අ.. අසාධාරණයි XiaoLi..."
මාව එයාගේ ඇගිලි පාරවල් වලට විකාර වෙද්දි අමාරුවෙන් හරි එයාගේ අත් ඈත් කරේ තව ටිකක් වෙලා ගියොත් මේ කැලේ මැද්දෙ XiaoLi කෙසේ වෙතත් මං මොනා කරයිද කියලා මටම Sure නැති නිසා.