30

855 205 122
                                    

"ඔයාට අදට මගෙන් අහන්න පුලුවන් ප්‍රශ්න ගාන ඉවරයි DaXin ඔයා ඉක්මනට premium දාගන්න "

හහ්! අනේ වැඩේමයි! Premium දාගත්තම මොනාද දන්නා හම්බවෙන්නේ!?

"ඔයා ගෑණු ළමයෙක් තියාගෙන මාත් එක්ක මෙහෙම ඉන්න එක වැරදියි XiaoLi.."

මගේ හිත ආයේ රිදීගෙන ආවා...

"ම්.. ඒකද ඔයාට තියෙන ප්‍රශ්නේ? නැත්තන් මට කැමතියිද?"

"XiaoLi!"

මං කේන්තියෙන් XiaoLi දිහා බලද්දි එයා ආයෙත් හිනා වෙන්න ගත්තා.

"ඔයාට විහිලු!"

"මං විහිලු නෙමෙයි කරේ! ඇත්තට ඇහුවේ.. එයා නැත්තන් ඔයා මගේ නේ?"

XiaoLi කවදා ඉදන්ද මෙහෙම හැසිරේන්න ගත්තේ? එයා ඉස්සර හිටිය දුම් දාන ගල් ඉබ්බට වඩා ගොඩක් වෙනස්! හැබෙයි ඒ ගතිය නැතුවත් නෙමෙයි. අර නපුරු ගතිය එහෙන්මමයි!

"XiaoLi ඔයා ඇයි එයාට එහෙම කරන්නේ?"

"කාටද?"

"අර Sara ට"

"Sara කියන්නේ අපේ තාත්තා මගේ බෙල්ල වටේට දාපු එයාගේ තොන්ඩුවක්.. එයාට ඕන විදිහට හැම දේම control කරන්න එයා හදපු ඊලග පිල්ලිය.. Sara ගේ පවුලට institute chain එකක් තියෙනවා.."

XiaoLi එයාගේ මූනෙ තියෙන හිනාව මුලු මුනින්ම නැති කරගෙන ඉස්සරහ බලාගෙන drive කරන ගමන් කතා කරන්න ගත්තා.

"තාත්තාට ඕනේ එයාව මට බන්දලා ඒ දෙක එකතු කරන්න"

"ඉතින් ඔයා ඇයි කැමති උනේ... "

මං එහෙම ඇහුවම XiaoLi ඇස් දෙකත් රැලි කරගෙන මං දිහා බැලුවා.

"දැන් කොයි වෙලේද මං ඔයාට කිව්වේ මම ඒකට කැමති උනා කියලා?"

මං ඉක්මනට මූනත් හදාගෙන ඉස්සරහ බලාගත්තා.

"එ.. එහෙනම් ඇයි එයා ඔයාගේ පස්සෙන් එන්නේ.."

"මං ලස්සන නිසා"

*cough cough*

මට කෙලත් හිර උනා! ඊයේ කර ගන්න බැරි උන එක මෙයා අද කරන්නද යන්නේ!?

"හිර උනාද මගේ boyfriend ට"

XiaoLi නපුරු හිනාව දාන ගමන් ඉස්සරහ බලන් මගේ පිටට ගහන්න ගත්තා.

Touchable You ✓Tempat cerita menjadi hidup. Temukan sekarang