15

764 198 117
                                    

"ඩොක්ටර් මොනාම හරි කරලා මෙයාගේ ඔලුවෙන් ඔය නම අයින් කරලා දෙන්න! නැත්තන් අපිට වෙන්නේ ඉන්න එකම ළමයව ගිහින් මානසික රෝහලක නවත්තන්න!"

"පුතා මේ අහන්න ඔයා ඉන්නේ හිතලුවක. මං කියන දේ අහන්නකෝ මට පුලුවන් ඔයාව ආයේ හිටපු විදිහටම හදලා ගන්න.. ඒක නිසා මං කියන දේ හොඳට අහන්න හරිද?"

"ඔයාලට පිස්සුද?"

"DaXin! මං මොකද්ද එද්දි කිව්වේ!"

"හරි අම්මා කලබල වෙන්න එපා.. කලබල වෙලා මුකුත් කරන්න බෑනේ.."

"ඔයාලා මාව මෙතනට ගෙනාවා කියලා ඒකෙන් ඔයාලට මට මුකුත්ම කරන්න බෑ!"

"DaXin!! පිස්සෙක් වෙන්නේ නැතුව ඉන්න! මේ මාස ගානට නැටුව පිස්සුව හොඳටම ඇති!! බලනවා තමුන්ගේ හැටි! මගේ පුතා කියලා කියන්න පුළුවන්ද??"

"ඔය තාත්තා ටිකක් සන්සුන් වෙන්නකෝ.. මෙහෙම කෑගැහුවම එයා තවත් pressure වෙනවා.. ඔය දෙන්නා පුලුවන් තරම් මෙයා එක්ක හොඳින් ඉන්න බලන්න.. හැම තිස්සෙම එයා එක්ක කතා කරන්න. ඒක මෙයාගේ ඔලුවට ලොකු නිදහසක් ගෙනත් දෙයි.. "

"ඔය කවුරුත් මාත් එක්ක කතා කරන්න ඕනේ නෑ!! මං යනවා යන්න! XiaoLi කියන්නේ මේ ලෝකේ ඉන්න කෙනෙක්!! ඒකට සාක්ෂි තියෙනවා! එයා අර මැඩම්ගේ පුතා!!"

"DaXin!! කෝ දැන් ඔය කියන මැඩම්?? කෝ ආහ්? Audition එකෙන් පස්සේ ඒ මනුස්සයත් ගියා යන්න ඔයා තාම කියවනවා!!"

"මට ඔයාලගේ පිස්සු කතා අහගෙන ඉන්න ඕනේ නෑ! මං දැන් යනවා යන්න!"

"DaXin තමුන් කොහෙ යනවා කියලද හිතන්නේ??! ඔහොම ඉන්නවා!"

"මාව අත අරින්න!! මට යන්න දෙන්න මට පිස්සු නෑ!! මාව අත අරිනවා!! අනේ මට යන්න දෙන්න!!"

"මෙයාව අල්ල ගන්න ඉක්මනට! එයා calm down වෙන්නේ නැත්තන් මේක inject කරන්න"

"එපා!! මං ගාවට එන්න එපා!! මං... මං හයියෙන් කෑගහනවා!! එන්න එපා මං ගාවට!! අනේ.. අනේ XiaoLi මාව බේර ගන්න!! අ. අනේ මාව ඔයා ගාවට ගන්නකෝ!! මෙයාලා මාව මරන්න හදනවා... XiaoLi!!!"

"ඕක inject කරන්න"

"එපා... අනේ.. එපා.. අනේ XiaoLi.. "
.
.
.

Touchable You ✓Tempat cerita menjadi hidup. Temukan sekarang