2.𝐍𝐞𝐰 𝐞𝐫𝐚 𝐁𝐞𝐠𝐢𝐧𝐬/•🖇️

41 10 13
                                    

"මං..මැරුනද..හැප්පුනාද...කෝ රිදෙන්නේ නෑනේ.."

සෝහී හිතුවේ ඒ ඉන්න විදිහටම පාර මැද ඉදගෙන..

හෙමීට කන් දෙකෙන් අත් අයින් කරලා ඇස් ඇරලා බලද්දී සෝහිව කවර් කරන් හිටියේ අර පාර එහා
පැත්තේ ඉදන් එයා දිහා බලන් හිටිය මනුස්සයා..
සෝහිට කෙල ගිලින්නත් අමතක වුනා..

"ඔයා..කවුද.."

මම ඇහුවේ හයියෙන් ගැහෙන පපුවත් අල්ලගෙන ඒ මනුස්සයගේ ඇස් වලින් බේරෙන්න අහක බලාගෙන පස්සට පනින ගමන්.

"පරිස්සමෙන්"

එහෙම කිව්ව ආගන්තුකයා නැගිටලා යන්න ගියා.

"මං ඇහුවේ ඔයා කවුද ?"

අඩි පහක් යන්නත් කලින් මගේ කටහඩ ඇහුන ඒ කෙනා උන් තැනම නැවතුනා.
මුලු පරිසරයම අද්භූත
විදිහට නිශ්ශබ්ද වෙලා වගෙ මට දැනුනේ කන් දෙකත් කීන් ගාගෙන යනකොට.

"Guardian Angel"

මං හිටිය පැත්ත හැරුන එයා කිව්වා. කිසිම ගානක් නැතුව ආයේ හැරිලා යන්න ගියේ මාව හොල්මන් කරලා.
එයා යන දිහා බලන් ඉදලා වැඩක් වෙන්නේ නැති නිසා මාත් ඉක්මනටම ගෙදරට දුවන්න පටන් ගත්තා.
මගක් දුර ගිහින් හැරිලා බැලුවට කිසිම කෙනෙක් හිටියේ නෑ.

" හරිම අමුතුයි..එයා එච්චර වේගෙන් ගියාද "

මම කියවන කතායි ලියන කතායි හින්දා ඔන්න එක එක මනෝ විකාර මතක් වෙන්න ගත්තා. මටම හිනා ඉතින්.

Buzz...Buzz..

මේ අකරතැබ්බේ අස්සේ එක පාරටම ෆෝන් එක වයිබ්‍රෙව්ට් වෙන්න ගත්තම දෙලෝ රත් උනා.

☎️

"හෙලෝ.."

"කොහෙද ඕයි මේ මහ රෑ යන්නෙ.
ඉක්මනට එනවා මට මේ දොර ලග ඉන්න බෑ මදුරුවොත් කනවා."

අනිත් පැතේ ඉදන් කුංචනාද කලේ මගෙ ආදරණීය මොංගල් අක්කා.

"බඩගිනි හින්දා කන්න ආවේ අනේ ගෙදර කන්න දෙයක් නෑ..ඔයත් අද කාලා නැතුව ආව ගමන් මම මුකුත් ඕනේ කියන්න එපා කන්න දෙයක් නෑ ගෙදර."

'හරි හරි මං කාලා ආවේ..ආහ්හ්..ශිට් යකො මුන් මැස්සෝ වගේනේ බං..
අලි සයිස්."

|•🕸️ÈñgråvêÐ ïñ Ðê§ïrê🖇️♥️Where stories live. Discover now