16.𝐖𝐞𝐥𝐜𝐨𝐦𝐞/•🖇️

13 6 0
                                    

Sohe's POV🐼

පොත ඇතුලේ ඉදන් එක පාරටම මාව අතක් ඇදලාගත්තනේ..
ඊට පස්සේ මොනා උනාද කොහොම මම ආවද මම දන්නේ නෑ..
මම ඇස් අරිද්දී හිටියේ මහා ඝන කැලෑවක් මැද..
පේනතෙක් මානේ තිබ්බේ ගස්ම විතරයි..එසේ මෙසේ ගස් නෙවෙයි මහා රූස්ස ගස්..මම හරි බයයි සම්හර මහා විසාල ගස් වලට..
ඒත් මම තනියම දැන් කැලයක් ඇතුලේ තනි වෙලා..

ඇවිදලා යන්න බැරි තරම් ගස් වලින් වැහිලා තිබුනේ..මනුස්සයෙක් යන පාරක් මෙ  කැලෑව ඇතුලේ තිබ්බා කිව්වත් පුදුමයි..
මම ගෙදරට ඇදන් හිටිය three quarter pant එකයි t shirt එකයි විතරයි දැන් මගේ සන්තකේටම තිබ්බේ..
දැන් නං හරියට travelling  කරන්න ඇවිත් අතරමං වෙච්ච එකෙක් වගේ මං..

අමාරුවෙන් හරි ගස් කොළං එහාට මෙහාට කරගෙන මම ඉස්සරහට ගියා.
කටු පදුරු වලට මගේ අත් කකුල් මූණ හීරිලා තිබ්බා වගේම මගේ ඇග දැන් දාඩියෙන් වැහිලා තිබ්බේ..
ඇදුමත් තැනින් තැන ඉරිලා ගස් වලටම අහු වෙලා..

කොහොමහරි තව ටික දුරක් යද්දී මට වතුර පාරක සද්දයක් ඇහුනා..

" ගගක්ද, දොල පාරක්ද, දිය ඇල්ලකද මොකක් හරි කමක් නෑ දැන් නං මම පනිනවා.."

මනුස්ස පුළුටක් තිබ්බේ නැති ඒ කැලෑව මැද්දේ මගේ ඇස් අදහාගන්නවත් බැරි තරම් ලස්සන දිය ඇල්ලක් තියෙයි කියලා හිතුවෙම නෑ..

මනුස්ස පුළුටක් තිබ්බේ නැති ඒ කැලෑව මැද්දේ මගේ ඇස් අදහාගන්නවත් බැරි තරම් ලස්සන දිය ඇල්ලක් තියෙයි කියලා හිතුවෙම නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඇවිදලා ඇවිදලා හොද පන ගිහින් හිටියේ දැන් පැයක් විතර..ඉතින් මේ වතුර ටික දැක්කම මට උන් හිටි තැන් අමතක උනා..
උඩ ඉදන් වැටෙන කිරි සුදු පාට පෙන එක්ක අත් දෙක එකතු කරලා ගත්ත වතුර ටිකක් තොල් වල ගෑවෙද්දී පුදුම සනීපයක් දැනුනේ.

බඩ පිරෙනකන්ම වතුර බීලා අත පය පොඩ්ඩක් හෝදගෙන ගල්තලාව උඩ ටිකක් ඇල උනා.
ඉර අව්ව නැති තරම්..ඒත් පුදුම රස්නයක් තිබ්බේ..
දිය ඇල්ල ළඟ නං සීතලයි..
ඒ සනීපෙටත් එක්ක මට නින්ද ගියේ තිබ්බ මහන්සිය ඉස්සරහට ආව නිසා..
.
.
.
.
.
.
විනාඩි 15ක්වත් ඉන්න හම්බුනේ නෑ..
එක පාරටම උඩ ගිහින් මාව ඇහැරුනා..
මටම කල්පනා උනා නොදන්න තැනක එළිමහනේ මේ වගේ පිස්සෙක් වගේ නිදාගන්න එක මොන මෝඩ කමක්ද කියලා..

|•🕸️ÈñgråvêÐ ïñ Ðê§ïrê🖇️♥️Where stories live. Discover now