"කෙල්ල අම්මා දුන්න ඒවා ඔක්කොම ගානට පැක් කරලා තියෙන්නේ හරිද..ආයේ කඩෙන් අරහෙන් මෙහෙන් කන්න එපා."
"හරි හෙයිලී.."
"මං යනවා එහෙනන්.."
"හරී..පරිස්සමෙන්.."
සෝහී කිව්වේ ලැප් එක අස්සේ මූණ ඔබාගෙන පිටිපස්සේ ඉන්න හෙයිලීට අත වනන ගමන්.
සෝහී වැඩක ඉද්දී මැද්දෙන් පැන්නොත් යක්සාවේෂ වෙනවා කියලා දන්න නිසා ශේප් එකේ හෙයිලි පිටත් උනා.කැබ් එකක් නවත්තගන්න පාර අයිනට වෙල බල බල හිටිය හෙයිලිට අන්තිමේදී කැබ් එකක් නවත්තගන්න පුලුවන් උනා..
"ඉල්සන් වලට යන්න ඕනේ.."
"හරි මැඩම්.."
හෙයිලි හෙඩ්ෆෝන් දෙකත් ගහගෙන ඔහේ එලිය බලාගෙන යන්න ගත්තා.
ටිකක් දුර යද්දි වාහනේ ගැස්සෙන ගතියක් තිබ්බ නිසා හෙයිලිට ටිකක් අවුල් වගේ දැනුනා.
" අංකල් වාහනේ ටිකක් අමුතු විදිහට ගැස්සෙනව නේද්..මුකුත් ප්රශ්නයක්ද.."
"අනේ නෑ මැඩම්..උදේ සර්විස් කරලා මේ ගෙනාවේ..අවුලක් වෙන්න විදිහක් නෑ.."
"ම්ම්..එහෙමද.."
ආයෙම හිතේ බයකුත් එක්ක නමුත්
කිසිම අවුලක් නැතුව ටික දුරක් යද්දී එක පාරටම වාහනේ ලිස්සලා ඩ්රයිවර්ට වාහනේ පාලනය කරගන්න බැරි උනා..මොකද මේ..මොකද්ද වෙන්නේ..
මැඩම් හයියෙන් අල්ලගන්න..
බ්රේක් වැඩ කරන්නේ නෑ..අහ්හ්හ් මොකා..හොදට තියෙනව කිව්ව නේද..
හෙයිලිට ඇඩෙන්න ඔන්න මෙන්න..
අනෙ මන්දා මැඩම්..හයියෙන් අල්ලගෙන ඉන්න මේක නවත්තගන්න බෑ..
හෙයිලි හිටියේ සුදුමැලි වෙලා හොදටම බය වෙලා..
ෆෝන් එක අතට ගන්න බෑග් එකට අත දැම්මත් වාහනේ ගැස්සුන පාරට ෆෝන් එක සීට් එක අස්සට වැටුනා..හෝව්..හෝව්..බලාගෙන..
හෙයිලි ෆෝන් එක ගන්න පහලට නැමෙද්දී ඉස්සරහින් ආව ලොකු එලියක් එක්ක දැක්කේ ලොරියක් කාර් එක ඉස්සරහට එනවා..
YOU ARE READING
|•🕸️ÈñgråvêÐ ïñ Ðê§ïrê🖇️♥️
Vampire▫️️සසරේ කොතැනක හෝ හමුවන මුවාවෙන් භවයෙන් භවේ මා පතා ආ නුඹ නොසිතූ මොහොතක නොසිතූ ලෙසක හමුවීම දෛවයේ එක් මාන්නක්කාර සරදමක් විය,ඒ මාන්නක්කාර සරදමට මුවාවී දිවිය නුඹ සන්තකයේ සින්නකර ලියන්නට පෙරුම් පිරීම මා ජීවිතයේ ලද භාග්යයක්දැයි තවම නොදනිමි. ||~ සෝහී 🏹 ට...