9.𝐈𝐭𝐬 𝐃𝐞𝐦𝐨𝐫/•🖇️

21 7 2
                                    

හෙයිලි ගැන හිතාගෙන මම ලීටා කියන චරිතේ මගේ කතාවේ ලියන්න හිතුවා. ඒත් ලීටා කියන්නෙ වෙනස්ම චරිතයක්.
ඒ වගේ මවාගත්තු කෙනෙක් නිසා හරි හෙයිලි මගේ ළඟින්
ඉන්නවනම් මට පාලු දැනෙන්නේ නැති වෙයි කියලා මට හිතුනා.

තාම කිසිම  හෝඩුවාවක් නෑ හෙයිලි ගැන. වාහනේ සම්පූර්ණයෙන්ම පිච්චිලා නිසා දෙන්නම නැති වෙන්න පුලුවන් සම්භාවිතාව වැඩී කිව්වනේ..
ඒ කිව්වා වගේම ඩ්‍රයිවර් එතනම අලුලු..ඒත් හෙයිලි එතන එ වෙලේ ඉදලා නෑලු..

එහෙම වෙන්නේ කොහොමද..ඒ ළමයා ඒ වාහනේට නගිනවා cctv වල යස අගේට තියෙනවා..වාහනේ හැප්පෙනකොටත් හොදටම පේනවා ඒ වාහනේ එයා ඉන්නවා..ඒත් එතන අලුවත් නෑලු හෙයිලිගෙ..මට තේරෙන්නේ නෑ මේක..මගෙ ඔලුව විකාරයි..

කාමරේ ලයිට් එක එක පාරටම නිවි නිවි පත්තු වෙන්න ගත්තා මම washroom එකට යන්න හදනකොටම.

"ආහ්හ්..පිච්චෙන්නද යන්නේ..අයියෝ මේ රෑනම් එපා දෙයියනේ.."

මම කියව කියව washroom එකට ගිහිම් දොර වහගත්තා විතරයි මුලු ගෙදරම ලයිට් ගියා..

"ආයිශ්..මොන මගුලක්ද මේක.."

ආයෙම කාමරෙන් එලියට ඇවිත් table lamp එක ඔන් කරගෙන යන්න හැරෙද්දි මගේ ඇගේ හැප්පුනේ මනුස්සයෙක්..
මගේ අතේ තිබ්බ ලෑම්ප් එක බිම වැටුනේ ඒ මනුස්සයගේ ඇගේ හැප්පිලා..

"ක.....ක....කවුද තමුන්.."

ලාවට බිම වැටුන ලයිට් එකේ එලියෙන් මට මනුස්සයෙක් ඉන්නව  කියලා විතරයි පෙනුනේ..මූණ හරියට පෙනුනේ නෑ.
මගේ කකුල් දෙක පන නෑ වගේ බයට..

"කොහොමද..තමුන් ඇතුලට ආවේ..."

මම පස්සෙන් පස්සට ගිහින් සාලේ තිබ්බ අල්මාරියේ හැප්පුනා..
හැප්පුන පාර උඩ තිබ්බ vase එක කුඩේ කුඩු උනා වැටිලා..

"ප්‍රශ්න අහනවා වැඩීනේ සෝහි..."

පුරුදු කටහඩක්...ඒත් මට දෙලෝ සිහියක් නෑ මාව රත් වෙලා වෙව්ලනවා..

"කොහොමද ආවේ කියනවා ඇතුලට...තමුන් කවුද..."

මම හයියෙන් කෑගැහුවා..
ඌ මම ආයේ කෑගහයු කියන බයට ඉස්සරහට පැනලා මගේ අති ඇදලා ඇගට තද කරගත්තා..

|•🕸️ÈñgråvêÐ ïñ Ðê§ïrê🖇️♥️Where stories live. Discover now