Sohe's POV🐼
අවුරුදු 4කට කලින් මට ඩෙමෝර් එක්ක සම්බන්ධයක් තිබුණා.
High school එකේදී මාත් එක්ක එයා යාලු උනේ.
මම සෝල් ගැන කිසිම දෙයක් දැනගෙන හිටිය කෙනෙක් නෙවෙයි.
එක පාරටම මහා විසාල නගරයක් මැද්දට ගෙනල්ලා මාව අතඇරලා දැම්මා වගේ උනා මෙහෙට ආවම.
අම්මයි තාත්තයි නැතුව තනියම මම ආවේ මට හම්බුන scholarship එකක් නිසා..මම ගොඩක් වෙලාවට හිටියේ තනියම. මගේ නැන්දගේ දුව..ඒ කියන්නේ හෙයිලි හිටියේ රට ඒ වෙනකොට..මම මෙහෙට ඇවිල්ලා අවුරුද්දක් යද්දී තමයි එයා ආවේ..
එයා එනකන් මට හැම දේම තනියම කරගන්න උනා.
මේ අතරෙදි තමයි ඩෙමෝර් මට ලං උනේ. මුලින් මුලින් මගේ හැම වැඩකටම එයා උදව් කලා..මුලු සෝල් නගරෙම මට පෙන්නුවේ එයා..
මාව එක්කන් හැම තැනකම ගියා ..ඒත් වැරදි විදිහට මාත් එක්ක හැසිරුනේ නෑ..
එයාව මගේ වාසනාවට මට හම්බුනා කියලා මම හිතුවේ.ඒත් එයා කැමති දේවල් මම කරන්න ඕන උනා..එයාව හම්බෙන්න එද්දි මම අදින්න ඕනේ එයා කියන ඇදුම ඒ වගේම එයා ආස විදිහට. එයා කන්න ආස කෑම මමත් කන්ම ඕනේ. එයා කැමති දේවල් බලන්න ඕනේ මාත්. මට ඒකේ වරදක් මුලින් පෙනුනේ නෑ.. ඒත් පස්සේ මට තේරුනා මම ඉන්නේ මාර පීඩනේකින් හිර වෙලා කියලා.ඕක ගොඩක් දැනෙන්න ගත්තේ හෙයිලි නිසා ඇත්තටම.
අවුරුද්දක් යනකොට එයා මගේ හැම දේම වෙලා ඉවරයි.
හෙයිලි ආවට පස්සේ මේ හැම දේම මම කිව්වා.එයාට විශ්වාසයක් තිබ්බේ නෑ ඩෙමෝර් ගැන. එයා හැම වෙලේම සැක කලා.මගේ පස්සෙන්ම ආවා..ඔය වෙද්දි තමයි ඩෙමෝර් ටික ටික වෙනස් වෙන්න පටන් ගත්තේ. එයා හෙයිලිට හොරෙන් මාව එක්කන් යන්න එන්න පටන් ගත්තා..වෙනද වගේ නෙවෙයි එයා මාව හම්බෙන්න දාගත්තේ රෑ වෙලා..හෙයිලිට අපිව හොයාගන්න ලේසි වෙන්නේ නෑ කියලා.
පස්සේ අපි මේක ගැන ගෙදරට කියනවද නැද්ද කියන එක ගැනත් කතා කලා.. ඒ වෙනකොට මට මගේ studies ගොඩක් මගඇරිලා තිබ්බා. ටික ටික මට ඩෙමෝර් පස්සෙන් පන්නන එක ඕනවට වඩා වැඩී කියලා තේරුනා.
අඩු ගානේ මට නිදහසේ කන්න බොන්න ගමනක් යන්නවත් හම්බුනේ නෑ..එයා හැම දේටම ඇගිලි ගහන්න පටන් ගත්තා.
මට මගේ නිදහස් සම්පූර්ණයෙන්ම නැති උනා.
YOU ARE READING
|•🕸️ÈñgråvêÐ ïñ Ðê§ïrê🖇️♥️
Vampire▫️️සසරේ කොතැනක හෝ හමුවන මුවාවෙන් භවයෙන් භවේ මා පතා ආ නුඹ නොසිතූ මොහොතක නොසිතූ ලෙසක හමුවීම දෛවයේ එක් මාන්නක්කාර සරදමක් විය,ඒ මාන්නක්කාර සරදමට මුවාවී දිවිය නුඹ සන්තකයේ සින්නකර ලියන්නට පෙරුම් පිරීම මා ජීවිතයේ ලද භාග්යයක්දැයි තවම නොදනිමි. ||~ සෝහී 🏹 ට...