"හේ..හේසුන්..ඔයා..මොකද්ද කරන්නේ.."
හේසුන්ගේ හුස්ම මගේ බෙල්ලේ ගෑවී නොගෑවී තියෙනවා දැනෙද්දී අමාරුවෙන් මම වචන අහුලගත්තා.
"හ්හ්..බය නෑ කිව්වනේ...ඇයි..බයද දැන්.."
කන ලගට කරලා රලු කටහඩකින් හෙමීට අහද්දි මගේ පැත්තක් පන නෑ වගේ මට දැනුනේ..
ඒත් එක්කම මම හේසුන්ව තල්ලු කරලා පැත්තකට උනා.."හේසුන්..මොකද්ද කරන්නේ ඔයා.."
"ඔයා දන්නවනේ මං කවුද කියලා..ඒක ආයේ ආයේ ඔප්පු කරන්න මට ඕන නෑ..
ඒ වගේම ඔයා දැන් දැනගන්න ඕනේ ඇයි මම ඔයා එක්ක යාලු වෙන්නේ නැත්තේ කියන එකත්..""මොකද්ද හේතුව.."
"මම කවුද කියන එකම තමා සෝහී.."
"ඒත් හේසුන්.."
"ඒත් කියන්න එපා..මම කවුද කියන එක වගේම ඒ හේතුව නිසා තව හේතු දහස් ගානක් ඉබේම හැදෙනවා මම ඔයාව ලං කරනොගන්න ඕන කියන එකට.."
"ඒත් ඔයාට එක හේතුවක් ඇති උවමනාවක් තියෙනවනම් මං ළඟ නවතින්න.."
"ඔව්..එක හේතුවක් හොදටම ඇති..
ඒත් මං බයයි ඒ හේතුව නිසා ඔයාට දුකක් ඇති වෙයි කියල..""මට තියෙන්නේ එකම එක දුකයි..ඒ ඔයාව නැති වෙන එක.."
එක හුස්මට අපි දෙන්නා අතර ඇති වුණේ සංවාදය නිසා හේසුන්ගේ ඇස් වල හිස් බවක් පිරිලා තියෙනවා දැක්කම මගේ ඇස් වලට ඉබේම කඳුළු ආවා.
ඊළඟට මොකක්ද කියන්න ඕන කියලා හිතාගන්න බැරි වුණ මම සද්ද නොකර එහෙමම ගෙදරින් එලියට ගියෙ ආයෙත් පිටිපස්සෙ වත් නොබලා.
මොකද මට හේසුන්ට මූණ වෙන්න හයියක් තිබ්බේ නෑ.."සෝහී.."
"දොර ලගට යද්දිම හේසුන්ගේ කටහඩ ඇහුන නිසා මම නැවතුනා..ඒත් මම හැරුනේ නෑ.."
"මං නැතුව ඔයා පරිස්සම් සෝහී..ඔයා මගේ රහස දැනගත්ත නිසා දැන් ඔයා පරිස්සම් වෙන්න ඕනේ කලින්ට වඩා.
ඒක නිසා මේ රහස ඔයා දන්නේ නෑ, ඔය දොරෙන් එලියට යද්දිම ඒක අමතක කරලා යන්න."ඇඩෙන්න ආව නිසා මම දොර හයියෙන්ම වහගෙන දිව්වා.
🛡️🛡️🛡️🛡️🛡️🛡️🛡️🛡️🛡️🛡️🛡️🛡️🛡️🛡️
YOU ARE READING
|•🕸️ÈñgråvêÐ ïñ Ðê§ïrê🖇️♥️
Vampire▫️️සසරේ කොතැනක හෝ හමුවන මුවාවෙන් භවයෙන් භවේ මා පතා ආ නුඹ නොසිතූ මොහොතක නොසිතූ ලෙසක හමුවීම දෛවයේ එක් මාන්නක්කාර සරදමක් විය,ඒ මාන්නක්කාර සරදමට මුවාවී දිවිය නුඹ සන්තකයේ සින්නකර ලියන්නට පෙරුම් පිරීම මා ජීවිතයේ ලද භාග්යයක්දැයි තවම නොදනිමි. ||~ සෝහී 🏹 ට...