15.𝐀𝐟𝐭𝐞𝐫 𝟏𝟔 𝐲𝐞𝐚𝐫𝐬/•🖇️

16 7 6
                                    

Jin's POV🐼

"ජින් අපි එහෙනන් යමුද.."

"මනමාලයට සෝහි නැතුව දැන් විනාඩි 5ක්වත් ඉන්න බෑනේ.."

"අනේ පලයන්..එහෙම නෑ..වරෙන් වරෙන් යමන්.."

ටේ කිව්වෙම මනමාල හිනාවක් දාගෙනමයි.

"ඉන්නව ඉන්නව..පටස් ගාලා වොශ් රූම් එකට ගිහින් එන්නම්.."

"හරි බං මම කාර් එක ලගට යන්නම්..ඉක්මනට වරෙන්.."

වොශ් රූම් එකට යද්දි ඇතුලේ ඉදන් කෙනෙක් මාව පාස් කරන් ගියා..
හොදට දැකලා හුරු features ටිකක් නිසා මූණ නොපෙනුනත් මම ආයෙම හැරිලා බැලුවා.
Confirm කරගන්න කියලා මම නම කිව්වා..

"ජේකේ.."

ඔව්..ඒ ජේකේ වෙන්න ඕනේ..එයා නැවතුනා..

"ජේකේ..ඔයා ජේකේ නේද.."

හැරිලා කැප් එක ගලවද්දියි හරියටම මූණ දැක්කේ..ඒ ජේකේ තමයි..

"ඔයා කොහොමද මෙහෙ.."

"මට එන්න උනා..ඕගොල්ලොන්ගෙම අතපසුවීමක් නිසා "

"අපේ..??"

"ඔව්...විශේශයෙන්ම ටේගේ.."

"ඒ මොකද්ද.."

"සෝහී.."

"ජේකේ උබ කොහොමද සෝහිව දන්නේ..
එතකොට උබද අද හවස ටේට අනතුරු ඇඟෙව්වේ.."

"හහ්..දැන් හංගලා වැඩක් නෑනේ..ඔව්..ඒ මම තමයි..."

"උබ මොකටද සෝහී ගැන කරදර වෙන්නෙ..ටේ සෝහී ගැන බලාගනි..ඒ වගේම ඒකට තව කට්ටිය ඉන්නවා.."

" දැන් බේරගන්න දෙයක් නෑ..වෙන්න ඕන දේ වෙලා ඉවරයි.."

"කියන දෙයක් තේරෙන්න කියනවා මම හිත හොදිම් අහන වෙලේ.."

මම කිව්වේ ජේකේගේ කොලර් එකෙන් අල්ලගෙන..

" සෝහි අලුත් ස්ක්‍රිප්ට් එක ලිව්ව පොත සාමාන්‍ය පොතක් නෙවෙයි. ඒ පොත අයිති මායාකාරියකට.."

"එරීකා..එරීකා සෙල්ඩා..."

" ඔව්..ඉක්මනට ගිහින් සෝහිව බේරගන්න බලන්න..සමහරවිට තාම පරක්කු නැතුව ඇති.."

ජේකේ එක්කම කාර් එක ලගට දුවද්දී ටේ කලබලෙන් වගේ කාර් එකෙන් බැස්සේ ජේකේව දැකලා..

|•🕸️ÈñgråvêÐ ïñ Ðê§ïrê🖇️♥️Where stories live. Discover now