13.𝐑𝐞𝐯𝐞𝐚𝐥𝐞𝐝/•🖇️

20 7 2
                                    

උදේ නැගිටිද්දි මං හිටියේ ටේගේ උකුල උඩින් ඔලුව තියාගෙන.
මම එක පාරටම ගැස්සිලා ඇහැරුනා..මම නැගිට්ට පාරට ඉදගෙනම නිදාගෙන හිටිය ටේ ඇහැරුනා..

"සෝහී..නැගිට්ටද.."

ටේ ඇහුවේ ඇස් දෙක පොඩි කරන ගමන්.

"ටේ.... මොකක්ද...මේ...මොකද ඊයේ...උනේ.."

ටේ මගේ මූණ ලගටම නැමුනේ කට කොනින් අමුතු හිනාවක් දාගෙන.

"ඇයි...මොනාහරි උනා වගේ මතකද.."

"ටේ...කියන්නකෝ..."

"උනා..ඇයි..මොකෝ.."

"අනේ යන්න.."

"හ්හ්හ්හ් පිස්සු කෙල්ල.. වැඩ කරනවා කියලා මහ රෑ වෙනකන් ඇහැරන් ඉන්න හදපු එක්කෙනා පැයක් යන්නත් කලින් knock down.."

"හරි හරි ඉතින් මහන්සිනේ.."

"හ්හ්හ්ජ් දැන් ගිහින් වොශ් දාගෙන එන්න.."
.
.
.
.
.
.
ටේ හදිසි වැඩකට එලියට ගිය නිසාත් මට එලියට එන්න දුන්නේ නැති නිසත් අදත් කම්මැලි කමේම දවස ගෙවන්න උනා..
දවල් වෙලා කාලා බීලා වැඩ පටන් ගන්න හදනකොටම door bell එක රින්ග් වෙන්න ගත්තා.

මිසිස් චෝයි බඩු වගයක් ගන්න එලියට ගිහින් හිටිය නිසා මට දොර අරින්න වත් එපා කියලයි ගියේ.

ඒත් බෙල් එක එක දිගට රින්ග් වෙන්න ගත්ත නිසා මම දොර ළඟට ගිහින් දොර අරින්න හැදුවා.
විනාඩි පහක් විතර බලන් ඉඳලා හිමීට දොර ඇරලා බැලුවා. ඒත් කවුරුත් හිටියේ නැහැ.

ඒ වෙනුවට දොර ලග පාර්සලයක් තියලා තිබ්බා. ෂුවර් එකටම ටේ මොනාහරි එවල වෙන්න ඕන.ඒත් හෙට ගෙදර ඇවිල්ලා ඕක මට දෙන්න තිබ්බනෙ.
මොකටද මෙහෙම පාර්සලයක් එවන්නෙ නැත්තන් අම්මලද එව්වේ.

මට දැන් ඉවසුමක් නෑ..ඒක නිසා මම ඒකත් අරගෙන ගේ ඇතුලට ඇවිල්ලා සෝෆා එකෙන් ඉදගත්තා. ඒකෙ හරියට ඇඩ්රස් එකක් නම් දාලා තිබ්බේ නැහැ.
ෂුවර් එකටම මට සප්‍රයිස් එකක් තමයි.
මම ඒ බොක්ස් එකේ පැකින් කඩන්න ගත්තේ පුදුම වේගෙන්..මොනාද කියලා බලන්න ඉවසිල්ලක් නෑ..

"මේ මොකද්ද මේ.."

මටම කියවුනේ අච්චර ලොකු බොක්ස් එක ඇතුලේ තිබ්බ පොත දැකලා.
මම ඒක අතට අරන් හරව හරව බැලුව. ඒක දුඹුරු පාට පොතක්.

|•🕸️ÈñgråvêÐ ïñ Ðê§ïrê🖇️♥️Where stories live. Discover now