ඇස් දෙක අරිද්දී මට පෙනුනේ සුදු පාට ලයිට් වගයක්. ටිකක් වෙලා යද්දී මට දැනුනේ හොස්පිට්ල් එකෙන් එන සුවද. මට තේරුනා මං ඉන්නේ හොස්පිට්ල් එකේ කියලා.
එක පාරට ලයිට් එලිය නිසා ඇස් දෙක ඇරගන්න බැරි උනත් මම හෙමීට ඇස් වහගෙනම ඇදෙන් ඉදගත්තා.ඇදවල් 3ක් තියෙන රූම් එකක මං හිටියේ හරි මැද ඇදේ..කවුරුත්ම හිටියේ නෑ.
එක පාරට මොකද උනේ කියලා අහන්නවත් මනුස්සයෙක් ළඟ නැති නිසා මම හෙමීට ඇදෙන් බැහැලා යන්න හදනකොට නර්ස් කෙනෙක් ඇතුලට ආවා."මිස් නැගිට්ටද."
"ඔව් ටිකක් ඔලුව රිදෙනවා."
"මිස් stress එක නිසයි කලන්තේ දාලා තියෙන්නේ..ඉන්න මම ඩොක්ටර් එක්කගෙන එන්නම්.."
"නර්ස් චුට්ටක් ඉන්න.."
"ඔව් මිස් කියන්න.."
"මාව කවුද මෙහෙට අරන් ආවේ.."
"මිස්ව අරන් ආවේ නං පොලීසියේ වාහනේකින්..සිවිල් පිට ආවේ.."
"වෙන කවුරුත් හිටියේ නැද්ද.."
"නෑ මිස්.."
"හරි ඕකේ.."
නර්ස් එලියට ගියාට පස්සේ මම ඇදෙන් ඉදගෙන කල්පනා කලා.
මට විශ්වාසයි මම දැක්කේ මිස්ටර් කිම්ව.. එයා තමයි මගේ නම කතා කරේ.
මොලේ විකාර වේගෙන එනවද මන්දා මට.
එයා සමහරවිට එහෙනන් එතන ඉදන් මාව පොලීසියේ අය එක්ක එව්වද දන්නේ නෑ.ඒත් ඇයි එහෙම කරන්නේ..මොනා උනත් ගෑනු ලමයෙක්ව එහෙම නොදන්න මිනිස්සු එක්ක එවනවද.
නෑ නෑ..එහෙම වෙන්න බෑ..එච්චර හිතන්නනෝනේ නෑ..නර්ස් කිව්වනේ පොලීසියේ දෙන්නෙක් ආවේ කියලා.. ම්ම් ඒක ඉවරයි.."මිස් සෝහී ඔය වැඩේ නං හොද නෑ.."
එහෙම කියාගෙන රූම් එකට ආවේ ඩොක්ටර්.
ඩොක්ටර් කෙනෙක් කියන්න බැරි තරම්ම ලස්සනයි.ඒ ඇස් වල හරිම කාරුණික බවක් තිබුනා. කට පුරා ඇදුන හිනාවත් එක්ක ඩොක්ටර් මගේ ලගට ආවා."මොකද්ද ඩොක්ටර් හොද නෑ කිව්වේ.."
"ඔය හිතන එක..ඔන්න ඕක තමයි ලෙඩේට මුල.."
"අහ්හ්..මම writter.."
"හ්හ් මම දන්නවා..ලාබාලම වගේම හොදම කතුවරිය..ඔයා ප්‍රසිද්ධයි සෝහී.."
YOU ARE READING
|•🕸️ÈñgråvêÐ ïñ Ðê§ïrê🖇️♥️
Vampiros▫️️සසරේ කොතැනක හෝ හමුවන මුවාවෙන් භවයෙන් භවේ මා පතා ආ නුඹ නොසිතූ මොහොතක නොසිතූ ලෙසක හමුවීම දෛවයේ එක් මාන්නක්කාර සරදමක් විය,ඒ මාන්නක්කාර සරදමට මුවාවී දිවිය නුඹ සන්තකයේ සින්නකර ලියන්නට පෙරුම් පිරීම මා ජීවිතයේ ලද භාග්යයක්දැයි තවම නොදනිමි. ||~ සෝහී 🏹 ට...