"ටේ...ටේ උබ දැක්කද වෙලා තියෙන වැඩේ"
ජින් කෑගහගෙන හති දාගෙන දුවගෙන ආවේ ඉස්සරහ දොර කඩාගෙන බිදගෙන..
"ජින්..මොකද මේ..මොකද්ද උනේ.."
"හරි හරි..කියන්නන්..ටේ කෝ.."
"කෑම කාමරේ..යන්නකෝ.."
කෑම කාමරේට යද්දී ලීටයි ටේයි කාලා ඉවර කරලා නැගිටින්න හැදුවා විතරයි..
"ටේ..බලන්න.."
ජින් එක පාරටම ෆෝන් එක ටේගේ ඉස්සරහට දික් කලා.
ලීටයි මායිත් එබුනේ මොකද්ද බලන්න."මොකක්ද මේ... එහෙනන් මේක බොරු නෙවෙයි.."
"ඔව් ටේ..මේ සතියට විතරක් තුන් දෙනෙක් මරලා..මෝගෝ ළඟ තුන් දෙනාගෙම bodies හම්බෙලා තියෙන්නේ..
තව ගෑනු ළමයි දෙන්නෙක් ආගිය අතක් නෑ..""ටේ මොකද්ද මේ කියන්නේ..කවුද මේවා කරන්නේ.."
ටේ හිටියේ සම්පූර්ණයෙන්ම කන්ෆියුස් වෙලා..ටේට කලින් ලීටා කතා කරන්න පටන් ගත්තා..
"ජින් මට නං හිතෙන්නේ මේවා කරන්නේ ඩෙමෝර් කියලා..මම උගේ නම කියන්නවත් කැමති නෑ.."
"හරියටම දන්නේ නැතුව අපිට කියන්න බෑනේ..
ජින් අද රෑ 9 වෙද්දි කට්ටියට පුරුදු තැනට එන්න කියන්න..""හරි ටේ.."
ටේට එහෙම ඉන්න දීලා ලීට මාව කාමරේට එක්කන් ගියා..
"ලීටා..කොහෙද ටේ යන්න හදන්නේ ම්වෙ රෑ.."
"ඔයාටම බලාගන්න පුලුවන්.."
.
.
.
.
.කාර් එක නතර කලේ කැලෑවෙන් වට වුන පටු පාරක..
ටේගේ මූණේ තිබ්බේ මාරම සීරියස් පෙනුමක් බව මම ලාවට වගේ දැක්කා..
එයා ඉස්සරහට යන්න ගත්තම අපිත් එයාගෙන් පස්සෙන්ම ගියා..ටික දුරක් ගියාට පස්සේ තිබුනේ ගරා වැටුන ගෙයක් වගෙ කුළුන ගොඩකින් වට වුන තැනක්..
එතන මැද තිබුනා පොඩි රවුම් මේසයක්.අපි හතර වෙනා ගිහින් එතනින් හිටගත්තට පස්සේ ටේ ඒ මේසේ මැදට අත තියලා ඇස් දෙක පියාගත්තා.
එයා ඇස් අරිද්දිම මම බය උනේ මොකද එයාගේ ඇස් රතුම රතු පාට වෙලා තිබ්බේ..
එක පාරම ඒ මේසේ දෙකඩ වෙලා දෙපැත්තට වෙනවත් එක්කම පඩිපෙලක් මතු උනා..
YOU ARE READING
|•🕸️ÈñgråvêÐ ïñ Ðê§ïrê🖇️♥️
Vampire▫️️සසරේ කොතැනක හෝ හමුවන මුවාවෙන් භවයෙන් භවේ මා පතා ආ නුඹ නොසිතූ මොහොතක නොසිතූ ලෙසක හමුවීම දෛවයේ එක් මාන්නක්කාර සරදමක් විය,ඒ මාන්නක්කාර සරදමට මුවාවී දිවිය නුඹ සන්තකයේ සින්නකර ලියන්නට පෙරුම් පිරීම මා ජීවිතයේ ලද භාග්යයක්දැයි තවම නොදනිමි. ||~ සෝහී 🏹 ට...