5.𝐇𝐞𝐚𝐫𝐭 𝐭𝐨 𝐡𝐞𝐚𝐫𝐭/•🖇️

30 11 11
                                    

Taehyung's POV🐼

කාර් එක නවත්තද්දී සෝහීට හොදටම නින්ද ගිහින් හිටියේ. එයාව ඇහැරවන්න හිත දුන්නෙම නෑ මට.
මගේ එහා පැත්තේ සීට් එකේ නිදාගෙන ඉන්න කෙල්ල දිහා වාහනේ නැවැත්තුවට පස්සේ බැලුවා බැලුවමයි මට ආයේ අහක බලන්න ඉඩ දුන්නේ නෑ එයා.

මේක අහම්බෙන් හම්බුන මූණක්..ඒත් මොකද්දෝ බැදීමක් සෝහී එක්ක මට තිබුනා කියලා මට දැනෙන්න ගත්තේ එයාව අහම්බෙන හම්බුන වෙලේමයි.
එයාව අතාරින්න නොහිතෙන මොකද්දෝ දේකින් අපි බැදිලා වගේ පපුවට උණුසුමක් එක්ක දැනුනා..

ඒ මූණ තවත් ලං වෙලා බලන්න හිතුනේ හරිම අහිංසක විදිහට ඇස් පියන් ඉන්න විදිහ දැක්කම මූණට ආපු හිනාවත් එක්ක.
හීනි දිග ඇස් එහෙ මෙහෙ කරකෝ කරකෝ තොල් පෙරල පෙරල නට නට කතා නොකලම දැනෙන පාලුව මට මේ තප්පරේ දැනෙන්න ගත්තා.
හම්බුන එක තප්පරෙන් මගේ මුලු හදවතම වෙනස් කරන්න මේ මායාකාරිට පුලුවන් උනා.

මොන දේ කලත් තාම මගේ එක ඇගිල්ලක්වත් සෝහිගේ ඇගට තියන්න මට මගේ හිත හයිය කරගන්න බැරි උනා.
මගේ ස්පර්ශයක් නිසා සෝහිගේ ජීවිතේ දැනටම ගොඩක්
වෙන්න තිබ්බ දේවල් පස්සට ගිහින් නොවී තියෙන නිසා මට තවත් එයාව කරදරේ දාන්න ඕන කමක් තිබ්බේ නෑ..

ඒත් සෝහිගෙ ළඟ තිබ්බ මොකද්දෝ මායාවක් නිසා මාව එයා හැම වෙලේම ලගට ඇදලා ගන්නවා..

ටික වෙලාවකින් සෝහී එහෙට මෙහෙට ඇබරිලා ඇස් දෙක හෙමීට ඇරියා..
මං බලන් ඉන්නවා දැක්ක සෝහී මං දිහා බලන් ඉදලා එක පාරටම පියවි සිහියට ආවා.

"අහ්හ්..මිස්ටර් කිම්..දැන්ද අපි ආවෙ.."

කලබලෙන් කොණ්ඩේ හද හද ඇහුවා..

"නැ...දැන් විනාඩි 30ක් වගේ.."

"දෙයියනේ ඇයි මාව ඇහැරෙව්වේ නැත්තේ..."

"හොදටම නිදිනේ කොහෙ ඇහැරවන්නද.."

"ඒත් ඇහැරවන්න තිබ්බනේ..anyway අද මං වෙනුවෙන් කරපු හැම දේටම තෑන්ක්ස් මිස්ටර් කිම්..හෙට අනිවාර්යයෙන්ම ඩිනර් එක මං ගානේ.."

"ඒක හෙට බලමුකෝ..දැන් එහෙනන් rest කරන්න ගිහින්..බෙහෙත් බොන්න මතක් කරලා.."

|•🕸️ÈñgråvêÐ ïñ Ðê§ïrê🖇️♥️Where stories live. Discover now