ලීටා එක්ක මුලු නගරේ වටේම ඇවිදින්න ගත්තෙ ට්‍රිප් එකක් ඇවිල්ල වගේ..
මටම හිතාගන්න බෑ මම ඉන්නේ ඇත්ත ලෝකෙකද නැත්තන් හීනෙකද කියලා."ලීටා ඔයා දන්නවද ඔයා හරියට් මම මගේ කතාවේ ලියපු කෙනා වගේමයි.."
"ඔයා කතා ලියනවද..??"
"Tv shows වලට script ලියනවනේ..මේ ලගකදි ඉදන් මට program දෙක තුනක story board හදන්න උනා..
ඉතින් මං මගේ ආසම මාතෘකා ටික දාලා ස්ටෝරි එකක් ලියන්න පටන් ගත්තා..""මෙතනින් ඉදගන්නකෝ..ඉතින් මොකද්ද ඒකේ නම.."
ලීටා ඉක්මනට මාවත් ඇදන් ගිහින් රූස්ස නුග ගහක් යට තිබ්බ බංකුවක වාඩී වෙලා හරි උනන්දුවෙන් මම කතාව කියනකන් බලන් හිටියා..
"ඒකේ නම Engraved in desire.."
"වාහ්...ඒක romantic වගේ කියල හිතෙනවා මට..පොඩි thriller part එකකුත් එක්ක්.."
"ඔව් ඔයා හරි..."
"වාහ්..මට ඉවසිල්ලක් නෑ ඒක කියවන්න... ඒත් ඉතින් දැන් ඒක හොයන්න විදිහක් නෑනේ..ඔයා මට කතාව කියන්න.."
"මම තාම කතාවේ මුල විතරයි ලියලා තියෙන්නේ.."
"ආනේ..එහෙමද.. දැන් එතකොට එහෙ අය ඔයාව හෙව්වොත්.."
"අනේ මන්දා ටේ මොනා කලාද කියලා..එයා කිව්වේ හිතන්නේ නැතුව ඉන්න කියලා.."
"ම්ම්ම් එහෙනන් එයා මොනාහරි කරන්න ඇති.."
"ආහ්හ් පොඩ්ඩක් ඉන්න..ඒ කියන්නේ..ඔයා දන්නවද... ටේ.."
"වැම්පයර් කෙනෙක් කියලද.."
"ඔව්.."
"අපොයි ඔව් දන්නවා.."
"ඒ කොහොමද..ඔයාට බය හිතුනේ නැද්ද.."
"හ්හ්හ්ම්ම් පොඩි කාලේ ඉදන්ම මම ටේව දන්නවා.. ටේ මට හම්බුනෙ මගේ අම්මා ටේට මාත් එක්ක සෙල්ලම් කරන්න කියලා අපේ ගෙදර එක්ක ආපු දවසේ..
එතකොට මට අවුරුදු 3ක් විතර ඇති..
ටේගේ වයස ඉතින් ඔයා දන්නවනේ..ඒක සාමාන්‍ය ගානක් නෙවෙයි කියලා..""හ්හ්හ්ම්ම්..ඔව් දන්නවා...ඉතින් ඉතින්.."
"ඉතින් එයා හරියට මගේ අයියා වගේ.. මං ජින් එයා අපි තුන්දෙනාම සහෝදරයෝ වගේ එකම පවුලෙ..
ඉතින් එයාල එක්ක ඉන්නකොටයි පොඩි පොඩි වෙනස්කම් එක්ක මම දැනගත්තෙ ජින් වගේම ටේ අපි වගේ සාමාන්‍ය අය නෙවේ කියලා..
අවුරුදු 6දි විතර මම ඒක දැනගත්තේ..
චූටි නිසා කුතුහලේට හෙව්වේ.. ඉතින් බයක් තිබ්බේ නෑ හොයන්න ආසාවක් මිසක්.."
YOU ARE READING
|•🕸️ÈñgråvêÐ ïñ Ðê§ïrê🖇️♥️
Vampire▫️️සසරේ කොතැනක හෝ හමුවන මුවාවෙන් භවයෙන් භවේ මා පතා ආ නුඹ නොසිතූ මොහොතක නොසිතූ ලෙසක හමුවීම දෛවයේ එක් මාන්නක්කාර සරදමක් විය,ඒ මාන්නක්කාර සරදමට මුවාවී දිවිය නුඹ සන්තකයේ සින්නකර ලියන්නට පෙරුම් පිරීම මා ජීවිතයේ ලද භාග්‍යයක්දැයි තවම නොදනිමි. ||~ සෝහී 🏹 ට...