"ලීටා..ඔයා කිව්ව දේ ඇත්තක් තියෙනවා කියලා මට හිතෙනවා.."
"මොකද්ද.."
"වැම්පයර්ලා ගැන.."
"ඇයි..මොකෝ උනේ..ඔයා දැක්කද..ඔයාට කරදර කරන්න ආවද..මොකද උනේ.."
"මම ඔයාට කියලා තිබ්බේ හේසුන් ගැන.."
"ඔව් අර ඔයා කැමැත්තෙන් හිටිය කෙනානේ හොටෙල් එකෙ."
" ඔව් එයා තමයි ඊයෙ එයාව මට ගෙදර එක්ක යන්න උනා..එයා හිටියේ හොඳටම බීල..එයාව ගෙදර එක්කන් ගිය වෙලේ මහ අමුතු දෙයක් දැක්කා.."
"ඒ මොකද්ද.."
"එයාගේ refrigerator එක පුරෝලා තිබ්බේ blood bag වලින්.."
"මොකා...ඔයාට හොදටම ශුවර්ද.."
"ඔව් මට හොදටම විශ්වාසයි..මගේ අතින් එකක් බිම වැටුනා..
ලේ හැම තැනම විසික් උනා..ඒත් මම වොශ් රූම් එකට ගිහින් එම ටිකට එතන සම්පූර්ණයෙන්ම සුද්ද වෙලා.."" ඔයා කිව්වා නේද හේසුන් හිටියෙ හොඳටම බීලා කියල..ඉතින් එයා වෙන්න බෑනේ ඕක සුද්ද කරන්න ඇත්තේ.. ඔයත් නෙවේද.."
"නෑ බං මම කොහොමද අස් කරන්නේ..මම හිටියේ වොශ් රූම් එකේනේ..ඒක කොහොම උනාද මන්දා..
ඊට පස්සේ එයා ඇවිල්ලා මගේ ඇස් දෙක දිහා බලාගෙන මහ අමුතුම දේවල් ටිකක් කියාගෙන ගියා...
මට අමතක කරන්න ලු එතනට මං ආව එක..
එයා බීලා ගෙදරට ඇරලෙව්ව එක විතරක් මතක තියාගන්නලු..ඔන්න ඔහොම කිව්වා..""ඒ මොකද ඒ.."
"අනේ මන්දා..ලීටා ඔයා හිතන්නේ හේසුන් ඇත්තටම වැම්පයර් කෙනෙක් වෙන්න පුලුවන්ද.."
" මෙහෙමයි vampire කෙනෙක්ට ඉර අව්වේ යන්න බැහැනේ එතකොට හේසුන් දවල් වෙලාවට කොහොමද ඔයාව හම්බෙන්නේ..
එහෙම බැලුවම හිතන්න බෑ..ඒත්..ඔයා ඇස් දෙකටම අරම දෙයක් දැක්කම වෙන්න බෑ කියන්නත් බෑ..""අනේ මන්ද ලීටා මට හිතාගන්න බැහැ.."
"දැන් ඔයා එක ගැන හිතන්න එපා අපි ඒකෙ හෙමීට හොයාගමුකෝ.."
"මම මේක ගැන වහන්ග් ගෙන් අහන්න ද.."
"පිස්සුද ළමයෝ ඔය වගේ දෙයක් එක පාරට එහෙම කාගෙන්වත් අහන්න පුලුවන්ද...අපිම හොයාගමු කෝ කාගෙන්වත් අහන්න යන්න එපා.."
YOU ARE READING
|•🕸️ÈñgråvêÐ ïñ Ðê§ïrê🖇️♥️
Vampiros▫️️සසරේ කොතැනක හෝ හමුවන මුවාවෙන් භවයෙන් භවේ මා පතා ආ නුඹ නොසිතූ මොහොතක නොසිතූ ලෙසක හමුවීම දෛවයේ එක් මාන්නක්කාර සරදමක් විය,ඒ මාන්නක්කාර සරදමට මුවාවී දිවිය නුඹ සන්තකයේ සින්නකර ලියන්නට පෙරුම් පිරීම මා ජීවිතයේ ලද භාග්යයක්දැයි තවම නොදනිමි. ||~ සෝහී 🏹 ට...