🏹𝕻𝖗𝖔𝖑𝖔𝖌𝖚𝖊🏹

177 20 16
                                    

මුලු රාජ්‍යයම හාත්පසින් කලු දුමාරයකින් වැසී යන්නා සේ කාලවර්ණ වලාවෙන් වටවී ගත්තේ වැසියන්ගේ සිත් සලිත කරවමින්.කිසිත් සිතාගත නොහැකි වූ කුමාරයා පියාණන් සමීපයට දිව ගියේ මෑණියන්ගේ කිරෙනුත් ලෙයිනුත් නැහැවුණු රෙදිකඩ පවා අමතක කරමින්.

රජතුමනි..ඔබවහන්සේ මෙතැනින් නික්මෙන්නේ නම් යහපති.

මා කෙසේ රාජ්‍ය හැරදමා යන්නද,
ඔවුන්ගේ කිසිදු ඉලක්කයකට මා ඇදදැමිය නොහැකි බව මා අද පෙන්වන්නම්.

රජු කෝපයෙන් ගිනි පිඹිමින් පැවසුවේ සිංහාසනය දෙකඩ කරන්නට තරම් වේගයෙන් මිටින් පහර දෙමින්.
රන් පැහැයෙන් නිමවා මුතු මැණික් රිදියෙන් හැඩ දැමූ ගාම්භීර සිංහාසනය රජතුමාගේ තේජස තවත් වැඩි කරවන්නට විය.

ෆීනික්ස් කුරුල්ලෙකුගේ හැඩයෙන් නිමවා තිබූ සිංහාසනයේ ෆීන්ක්ස් කුරුල්ලාගේ වම් ඇස නිමවා තිබූ එමරල්ඩ් ගල රාජධානියේ වාසනාවේ සලකුණ යැයි සම්මත වුනා.
අත්වැටෙහි වූ ගුරුලාගේ පාද සිංහාසනයේ පාදාන්තය දක්ව දිව ගියේ රජතුමාගේ පාද ස්පර්ශ කරන ස්ථානයේ නාගයන් වෙලී ඇතුවාක් මෙන් කැටයම් කරමිනි.

ෆීනික්ස් කුරුල්ලාගෙන් රාජ්‍යයේ තේජසත්, එමරල්ඩ් සලකුණෙන් රජු රාජ්‍යයේ දීප්තිමත් මුල් පුරවැසියා බවත්, අත්වැටෙහි වූ ගුරුලන්
දෙදෙනාගෙන් රජුත් රජුගේ රාජ පාලන ධර්මයත්, ගුරුලන් විසින් පාදයෙන් අල්ලා සිටින නාගයින්ගෙන් රාජ්‍යයට සතුරුකම් කරනවුන්ට අත්වන ඉරණමත් පෙන්නුම් කලා..

වැසියාගේ මෙන්ම තම අමාත්‍ය මණ්ඩලයේත් විවේචනයට භාජනය වූ රජතුමා රාජ සභාවේ සේනාපති සමග සිදු කරන කතා බහට සවන් දී සිටියේ පුංචි කුමාරයායි.

කිසිත් නොදත් කුඩා කුමරු මදක් විවර වී තිබූ ප්‍රධාන දොරටුව ඈත්මෑත් කරමින් ඇතුලට පිවිසියා.
අල්පෙනෙති තුඩක ශබ්දයත් ඇසුනු එවෙලේ රජු හා සේනාපති ප්‍රධාන දොරටුව දෙස බැලුවේ තිගැස්මකින්.

දිගු සෙවනැල්ලක් පමණක් පෙනෙද්දී සේනාපති කඩුව දෙසට තම දෑත් යොමු කලේ පුරුද්දට මෙනි.
ටිකෙන් ටික් සෙවනැල්ල කුඩා වී ඇතුලට පිවිසියේ ඔවුන් බලාපොරොත්තු නොවු අයෙක්.

රජුගේ මුවගට සිනහවක් නැගුනේ කුඩා කුමරුගේ තේජස මන්දාලෝකයෙන් බැබලෙද්දියි..

මගේ බලාපොරොත්තුව

රජුගේ මුවින් පිටවුනේ වදන් දෙකකි.

Speranza නාමයෙන් බිදී ආ Speranz,
බලාපොරොත්තුවේ කිරණ යන අර්ථයෙන් එතැන් පටන් කුමාරයා හැදින්වූවා.

අසුරි සැනින් විලාප නගමින් පොළවට සමතලා වුන මාලිගය එකම කලුගල් කුට්ටියක් බවට පරිවර්තනය
වෙද්දී ඒ දෙස බලා සිටි කදු පන්තිය දෙසින් මහා කුණාටුවක පෙරනිමිති දක්නට ලැබුනේ
ශෝකය ප්‍රකාශ කිරීමක් ලෙසිනි..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Hola Gennies,

අලුත් කතාවක් අරන් ආවේ පුංචි request එකක් නිසා..

Yesh_ky KY_Kim_sohe
ලස්සනම ලස්සන writter කෙනෙක් වගේම මගේම නංගියෙක් උන yesh නංගගේ request එකකට මම ටේ main character එක විදිහට අරන් මේ කතාව ලියන්න හිතුවා.

ටේව main කරගෙන ලියන්න මම ඩ්‍රාෆ්ට් වල කවර් එකකුත් හදලා නමකුත් දාලා තියන් හිටියත් ඔන්ගොයින් ඒවා ඉවර වෙනකම් මුකුත්ම ලිව්වේ තියා ඒ පැත්තේ ගියෙත් නෑ..
ඊයේ පෙරේදා yesh නංගගේ request එකෙන් පස්සේ මටම හිතිලා ආසාවට පටන් ගත්තා නම් ගම් ඔක්කොම වෙනස් කරලා ෆැන්ටසියක්.🤭❤️

අලුත්ම story එකේ characters ටික මං දාන්නද නැද්ද කියලා
කල්පනා කරලා කරලා අන්තිමට මේකෙන් පස්සේ ඕයාලට character list එක දෙන්න හිතුවා.
Description එක පොඩ්ඩයි තියෙන්නේ..ඒක තව දිගට ලියන්න ඕනේ..
🤧ලයිට් යන්න කලින් මේල publish කරන්න ඕන නිසයි චුට්ටක් ලිව්වේ ඔයාලා වෙනුවෙන්.

Vampire, warewolf story වැහි වැහැලා නිසා නොලියා ඉන්න හැදුවේ ඒ ගැන..
ඒත් අනිත් වැම්පයර් ස්ටෝරී වලට වඩා වෙනස් කරලා ලියන්න
ට්‍රයි එකක් දෙනවා.
ඔයාලම බලලා කියන්නකෝ අඩු පාඩු මොනාද වෙනස් වෙන්න ඕන තැන් එකතු වෙන්න ඕන තැන් මොනාද කියලා.
වෙනස හොදද කියලත් කියන්න හොදේ 😂🌝🌿

#NimJinnie
#Phoebe

|•🕸️ÈñgråvêÐ ïñ Ðê§ïrê🖇️♥️Where stories live. Discover now