☄️☄️ The Neighbor ☄️☄️....
udeni94 නංගා ගොඩාක් ගොඩාක් ලස්සනයි ඉතින් ..ගොඩාක් ස්තූතී ඔයාට......💚❤️💛
.......................................................................
.. යීබෝට වැඩිදුර අධ්‍යනය සිදු කරන්නට නොහැකි වූයේ ගේට්ටුවට කවුරුන් හෝ කිහිප වතාවක් තට්ටු කරන හඩ ඇසුනු නිසාය.... ලිපිගොනුව ඉක්මනින් වැසූ ඔහු එය කාර්යාලීය මේසයෙහි ලාච්චුවක් තුළට දමා එය අගුළු දැම්මේය... පසුව ප්‍රධාන දොරටුව හැරගෙන ගොස් ගේට්ටුව විවර කලේය....
ඔහු ඉදිරියේ සිටින...............
**
වයස අවුරුදු 50 ක් පමණ වන පුද්ගලයා දෙස යීබෝ ටික වෙලාවක් බලාගෙන සිටියේය ...
" එන්න ඇතුලට...'"
යීබෝ ඔහුට නිවසට කතාකලේය.... මේ ඉතින් ඔහු බලාපොරොත්තුවෙන් සිටි පුද්ගලයෙකි ..
" වාඩිවෙන්න ...'
ඔහු යීබෝගේ නිවස තුලට පිවිස ආලින්දයේ වේවැල් පුටුවක අසුන්ගත්තේය ...
" ඉතින් නම මොකක්ද කිව්වෙ...."
යීබෝත් ඔහු ඉදිරියේ අසින් ගන්නා ගමන් ඇසුවේය ...
" මම ෂියාඕ යෙන් සර්....."
ඔහු ඉතාමත් යටහත් පහත්ව කීවේය ... පුදුමය කියන්නේ වෙනදාට කටගොන්නක් බීගෙන නිවසට පැමිණෙන මෙම පුද්ගලයා අද යීබෝගේ පණිවිඩය නිසාවෙන්ම තැබෑරුම මගහැර ඉතා අපහසුවෙන් නිවස වෙතට පැමිණ තිබීමයි...
" මම කියපු පණිවිඩය ෂියැන් මිස්ටර් යෙන්ට කියන්න ඇතිනේ..."
යිබෝ ඔහු ඉදිරියේ හිඳගෙන සිටින එම පුද්ගලයා දෙස කල්පනාකාරී බැල්මක් හෙලමින් ඇසුවේය.... ඔහු රත්තාගේම මාමා බවට අමුතුවෙන් වදන් දෙන්නට අවශ්‍ය නොවන්නේය.. මුහුණපුරා වැවුනු ඝණ රැවුල ඉවත් කර බීමත් බවෙන් මිදී පෝෂදායී ආහාර මාසයක් ලබාගතහොත් ඔහු ශාන්ගේ අනාගතය පිළිඹිබු කරනු ඇත.... ඒ මුහුනෙහි පෙනුම ඒහා සමානය...
YOU ARE READING
The Neighbor..... yizhn fan fiction ...( Complete )
Fanfictionඉලක්කයක් හඹායන්නට ආ නපුරු පොලිස් හදවතක් තුල සින්නකරව නවාතැන් ගත් දඟකාර යෞවනයෙක්...... ❤️💚 ආදරය වඟකීම් සහ රාජකාරි අතර දෝලනය වන ඔහුගේ කතාව..... The Neighbor.......💚❤️