☄️☄️ The Neighbor ☄️☄️....
" වෙලාව හතටත් කිට්ටුයි සතුබබා....ඔයා දැන්ද නෑවේ.."
පුරුදු ලෙසින්ම යීබෝ සවස නිවසට පැමිණ රත්තාට ඇමතුමක් ගත්තේය ... ඉලෙක්ෂන් එකට හරියටම ඇත්තේ දින දෙකකි.... ඉන් සතියකට පමණ පසුව යීබෝ දීර්ඝ නිවාඩුවක් අයදුම් කර තිබෙන්නේය....
" ඉතින් මං ආවේ පහමාරට පපෝ .."
ඉතින් කෝලම් කරමින් කියද්දී යීබෝගේ උගුරු ඇටය නම තරමක් නොසන්සුන්ව ඉහල පහල යන්නේය..
" ඇයි පහයි තිහ උනේ වෙනදට ඔයා පහට එළියට එනවනේ......"
යීබෝ ඇහි බැමිත් අකුලවමින් රත්තා දෙස බලාගෙන ඇසුවේය ...
" ඒක අහන්න ඔයාගෙ ගජ මිතුරු ප්‍රොෆෙසර් ලියන් ගෙන්...... පහයි තිය වෙනකල් තියාගත්‍තා හුම්.."
දැන් ඉතින් යීබෝ සිනාසෙන්නේය ....
" හෙටයි අනිද්දයි නම් මට මේ වෙලාවට කතා කරන්න බැරිවෙයි සතු බබා... "
",කමක් නෑ පපා....වැඩ වැඩි වුණා කියලා නොකා ඉන්න එපා...අනික තමයි මම හොඳට මතක තියාගෙන ඉන්නේ election එක ඉවරවෙලා ඔයා දිග නිවාඩුවක් ගන්නවා කියපු එක....."
රත්තා ඇස්දෙකත් හීනි කරගෙන තර්ජනාත්මක හඩකින් කීවේය .....
" ඉලෙක්ෂන් ඉවරවෙලා දවස් පහකින් මම එනවා...... "
" මගේ හොද........පපා ..අයි ලවු යූ ......උම්ම්ම්ම්ම්ම්ම්ම්මා........."
යීබෝ දැන් ඇස්දෙකත් විසල් කරගෙන බලාගෙන සිටින්නේය.... ඉතින් රත්තා යලිත් ඔහුට හාදු දුන්නේය...
" මගේ සතු මැණික ...."
" ආදරෙයි පපා.....මට ඔයා නැතුව පාලුයි ......."
යීබෝගේ හදවත කීරිගැහෙන්නේය....
" තව ටික දවසනේ මැණික ......අපි යමුද ෆැමිලි ට්‍රිප් එකක්......."
ටිකවේලාවක් කල්පනා කරමින් සිටි යීබෝ ඇසුවේය ...
" woooow ..... යමුකො පපා......ඔයයි මායි මමයි, ජීයි ගගයි නංගි බබයි මේරි ආන්ටී පීටර් අංකලුයි.......ආ........සිකියුරිටි අං.............!
" හෝව් හෝව් බ්බා....... ඔක්කොම එක්ක ගිහින් ඊලඟට එනකොට ගෙයක් දොරක් නැතිව තියෙයි...."
YOU ARE READING
The Neighbor..... yizhn fan fiction ...( Complete )
Fanfictionඉලක්කයක් හඹායන්නට ආ නපුරු පොලිස් හදවතක් තුල සින්නකරව නවාතැන් ගත් දඟකාර යෞවනයෙක්...... ❤️💚 ආදරය වඟකීම් සහ රාජකාරි අතර දෝලනය වන ඔහුගේ කතාව..... The Neighbor.......💚❤️