🌀..18.. ගිවිසුමක් සමඟ....

3.5K 633 280
                                    

☄️☄️ The Neighbor ☄️☄️......

" හේතුවක් නැතුව කනඑකත් අතරමග නතර කරලා ඔහොම දුවගෙන යන්න හේතුව මට කියල ඉන්න....සීන් ඔලුව උස්සලා මගේ දිහා බලන්න....."

යීබෝ කාරුණිකව කියද්දී රත්තා හිස එසෙව්වේය ....

" ඔයා මගෙ නෙවෙයිද........."

**

යීබෝගේ සිරුර සීතල වී ගියේය ... පපුව හිරිවැටී ඔලුවත් හිරිවැටී ගියේය .... තම පපුවට තුරුලු වී හිස පමණක් ඔසවාගෙන සිටින ඔහු තවමත් හඩන්නේය ... ඒ මුහුණ රත්පැහැ වී ඇත.... ඔහු යීබෝ දෙස එක එල්ලේ බලාගෙන සිටින්නේ යීබෝ පිළිතුරක් ලබාදෙන තුරුයි.... රත්තා බුරුල්වී ඇති නාසයත් උඩට ඇද්දේය...

" සීන්........... "

" ඔයා මගේ නෙවෙයිද...... ඔයා මගේනේ නේද......."

ඉකිගසමින් ඔහු අසන්නේය...... යීබෝ ඔව් යැයි හිස සැලුවේය ...

" කොකෙක් වගේ බෙල්ල හොල්ලන්නෙ නැතිව වචනෙන් කියන්නකො අප්පා ...... ඔයා මගේ නේද......"

ඉතින් රත්තාගේ කතාවලට යීබෝට සිනායන්නට ආවත් ඔහු පහත්වී රත්තාගේ නලලට හාදුවක් තැබුවේය ....ඒ දෙනෙත් ක්ෂනයකින් පියවී යන අයුරු යීබෝ දුටුවේය ..

", මං ඔයාගෙ තමයි සීන්.......ඔයාගෙ විතරමයි......."

රත්තා දෑස් හැර යීබෝ වෙත හරි ලස්සන සිනහවක් දුන්නේය...

" එතකොට හෙට යනවද..."

ඔවුන් දෙදෙනා තවමත් සිටින්නේ දොර අසලයි....රත්තා යීබෝව වැළඳගෙන සිටින අතර දැන් යීබෝගේ දෑතුත් රත්තාගේ සිරුර වටා එතී ඇත්තේය ...

" ගිහින් අකමැති කියලා එන්නම්......."

" හ්ම්ම්ම්.."

රත්තා හා යැයි කීවේය ..

" යමු......කාලා ඉන්න එන්න..."

යීබෝ එතැනින් යන්නට හැදුවාට රත්තා ඊට සූදානමක් නැත ..ඔහුට තවත් ගැටලු ඇති හැඩකි....

" ඉන්න ඉන්න .......හෙට කීයටද යන්නෙ .. අනිද්දා කීයටද එන්නෙ....."

හැඩුම් නතරවී තිබුනත් තවමත් කදුලු ඉතිරිවී ඇති කම්මුල් යිබෝ සෙමින් පිසදැම්මේය ..

The Neighbor..... yizhn fan fiction ...( Complete )Where stories live. Discover now