🌀.. 10.. ඒ සතුට....

3.5K 640 279
                                    

☄️☄️ The Neighbor ☄️☄️..........

රත්තාගේ හඩින් ඩයරිය පසෙකින් තැබූ යීබෝ  ඇදමතින් වාඩිවුනේය..ඒ අසලම මේසය මත ඇති වතුර බෝතලය රැගෙන උගුරු දෙකතුනක් බිව්වේය...

" අතුරුදහන් වීම වගේම තවත් අමුතු කතාවක් මේ ඩයරිය කියනවා...එතකොට පියෝනි මල කිව්වෙ කාටද.... "

යීබෝ  යලිත් ඩයරිය කියවන්නට පටන්ගත්තේය ....

2002 පෙබරවාරි 14.....

අලුත් පොලිස්ටේෂන් එකේ වැඩත් එක්ක කාර්‍ය්බහුල උනා... එතනට පොලීසිය කියනවද එහෙම නැත්නම් මාලු මාකට් එක කියනවද කියලා මට තවමත් හිතාගන්න බෑ...

ගෙවුනු අවුරුදු දොලහටම රාජකාරියේදි මේතරම් ස්ට්‍රෙස් එකක් දැනුනමයි... හිතාගන්න බෑ....... මටත් අත උස්සගෙන එන හයිකාරයො මේකෙ ඉන්නවා...අද එකෙක්ට ගැහුවා කං අඩිය පුපුරන්න... දුකයි.........ඒත් ඌ මගෙ කමිස කරෙන් අල්ලලා අම්මා අප්පා මතක් කරා.... හැබැයි ඒ පාරත් එක්ක පොලිසිය ටිකක් සැලෙන්ඩර් උනා....

2002 පෙබරවාරි 18...

අද ටිකක් කලින් ගෙදරට ආවා....මේ සතියම මම එද්දි රැ අටවත් වෙනවා ... ඉතින් වොෂ් එකක් දාගෙන බැල්කනියට ආවෙ පියෝනි මල් පාත්තිය දිහා බලන්න හිතාගෙන  .. හ්ම්ම්....ඔව් මම කවදාවත් නැතිව පියෝනි මල් වලට ආසවෙලා....

එයා ඉන්නවා... එයාගෙ අම්මා එක්ක සිමින්ති බැම්ම උඩ වාඩිවෙලා බර කතාවක් ...දෙන්නගෙම අත්දෙකේ තේ කෝප්ප දෙකක්... මට ගොඩක්වෙලා ඒ දිහා බලාගෙන ඉන්න බෑ...... එයාගෙ අම්මත් ඉන්නවා....ඒත්.........මගෙ නොකියා පෝන් එකේ ටෝන් එකට දෙන්නම මගෙ දිහා බැලුවා .... මම දෙන්නටම හිස නවලා ආචාර කරලා ඉක්මනින් එතැනින් කාමරේට ආවා...

.
.
.
.
.

" පාන්දර හතරයි....හ්ම්ම්... නවල් එකක් කියෙව්වා වගේ තමයි...."

පාන්දර වනතුරුම යීබෝ  නී ෆෙයි ගේ ඩයරිය කියෙව්වේය.... ඒ කාලයේ මීට වසර දහනවයකට  පෙර  අතීතයේ සිදුවු  බොහෝ සිදුවීම් සම්පූර්ණව නැතත් කෙටියෙන් ඔහු තේරුම් ගත්තේය... නී ෆෙයි  බොහෝ සිදුවීම් සඳහන් කර තිබුණේ වක්‍රාකාරව ය....

The Neighbor..... yizhn fan fiction ...( Complete )Where stories live. Discover now