☄️☄️ The Neighbor ☄️☄️......
යීබෝගේ මුවගේ ඇති සිනහව තවත් පුලුල් විය....චැන්ග්ෂි වල සිට එන්නේනම් ඇය පැමිණිය යුත්තේ දකුණු පස පාරෙන් ය...නමුත් ඇය පින්යැන් නඟරයට ඇතුලුවූයේ බෙයිජින් දෙසින් එන පාරෙන් ය....
" ඔහ්......හරි වැඩේ ලූෂී ...මම බෙයිජින් යන,ගමන්......."
**
ඔහු එලෙසින් පවසද්දී අනෙක් පස පැවතියේ කෙටි නිහැඬියාවකි...එමෙන්ම ඔහු ඉදිරියේ සිටින පුද්ගලයා සිටින්නේ දෑස් විසල් කරගෙන මුවත් අයාගෙනයි ..
" හෙලෝ........"
යීබෝ යලිත් කතාකලේය ...
",ඕහ්......හෙලෝ යීබෝ ....... හරි වැඩේ තමා ඔයා ගොඩක් දුර ගිහිල්ලා ද.....මේ වාහනය ලෙඩ දෙන්න ගත්තනේ......"
බලාපොරොත්තු සුන් වූ හඬකින් ඇය එලෙසින් පවසද්දී යීබෝගේ සිනහව තවත් පුලුල් විය....
" ඔව් මම සෑහෙන දුරක් ඇවිල්ලා ඉන්නේ.....ඔයාට ලං වෙන්න අමාරුයි...හරි ඔයා මෙහෙම කරන්න ලූෂී ..... කෙලින්ම මගේ ගෙදරට යන්න.......එහා ගෙදර ඒ කියන්නෙ සතූගෙ ගෙදර අච්චගෙන් යතුර ඉල්ලගෙන ගේට් එක ඇරලා ඇතුලට යන්න.......මම ෆැන් ව එවන්නම් වාහනේ බලවන්න..."
",හා එහෙනම් එහෙමවත් කරමු.... ෆැන් කියන්නෙ එදා සීන්ගේ බර්ත්ඩේ පාටි එකට ආපු බෝයි නේද ..."
" ඔව්......දන්න කෙනෙක් නිසා බයක් නෑ......ඔයා ගෙදරට යන්න මම ෆැන්ව,එවන්නම් .."
" හරි ඒත් යී............."
යීබෝ ඇමතුම අවසන් කර ෆැන්ට කතාකර අවශ්‍යතාව පැහැදිලි කලේය ...
" ඉතින් ෂියැන් ගෑණුන්ට මායම් හැට හතරක් තියෙනවලුනේ.....ඔයාගෙ වයිෆ්ට ඒකෙන් කීයක් විතර තියෙනවද...."
යීබෝ සිනාසෙමින් ඇසුවේය ....
" හැට හතරට වැඩි මිසක් අඩු නෑ සර්...."
දෙදෙනාම සිනාසුනේය ...
" දන්නවද ෂියැන් ...සතුබබාට නම් ඔය මායම් හත් අට සීයක් තියෙනවා ..... ඇස් නටවලා කට උල් කරලා දකින හැමෝවම එයාට ඕනෙ විදිහට පාලනය කරනවා....."
ඉතින් ෂියැන් සිනාසුනේය ...
" දැන් ඉතින් කොහොමත් බොරුව ඇත්ත කරන්න එපැයි...... හෙට 12ට නේද අපි ආය පින්යැන් පොලිසියට එන්න ඕනෙ..."
YOU ARE READING
The Neighbor..... yizhn fan fiction ...( Complete )
Fanfictionඉලක්කයක් හඹායන්නට ආ නපුරු පොලිස් හදවතක් තුල සින්නකරව නවාතැන් ගත් දඟකාර යෞවනයෙක්...... ❤️💚 ආදරය වඟකීම් සහ රාජකාරි අතර දෝලනය වන ඔහුගේ කතාව..... The Neighbor.......💚❤️