🌀.. 21.. ඒ තරම් තරහක්..

3.7K 639 196
                                    

☄️☄️ The Neighbor ☄️☄️......

",මේ  ......අනිත් අතේනෙ තුවාලෙ තියෙන්නේ .......මං මේ අත උඩට එන්නංද...."

ලෙඩුන් බලාගන්නට පැමිණි රත්තා යීබෝ හාන්සිවූ පසු තුවාල වී නැති අත පෙන්වමින් අසන්නේය.... යීබෝ  ඒ මුහුණ දෙස බැලුවේය .....

" එන්න........"

ඇසිල්ලක් ගතවූයේ නැත ..... රත්තා ඉක්මනින් යීබෝගේ උරහිස මතින් හිස තියාගත්තේය ....

" පිජාමා නැද්ද සීන්......."

හූඩිය පමණක් ගලවා ටීෂර්ට් එක සහ සාමාන්‍ය කලිසමක් ඇදගෙන නිදාගෙන සිටින රත්තාගෙන් යිබෝ  ඇසුවේය ...

" අහ්ම්......නෑ.........."

යීබෝගේ ඇඟටත් අතක් දමාගෙන දැන් මේ ඔහු හරිබරි ගැහෙන්නේ නිදාගන්නටයි..... ඉතින් ඔහුට වේලපහ නිදිමත වීම අසන්නට දෙයක් නැත... පහටත් පෙර අවදිවී මුලුතැන්ගෙය තුල අංකරය අල්ලන්නට පටන්ගන්නා රත්තා හදිසියේ දවසක ඇරෙන්නට  දවල් දවසට වත් ටිකක් නිදාගන්නේ නැතිබව යීබෝ  දන්නේය ....

" ඉස්කෝලෙ පටන්ගන්න තව දවස් කීයද  සීන්.........."

සීන්ගේ හිස්මුදුනට හාදුවක් තබමින් යීබෝ ඇසුවේය ...ඉතින් නොපෙන්වූවාට සීන් මේ ලෙසින් තුරුලු වනවිට ඔහු තමන්ගේ හැඟීම් දරාගන්නේ ආයාසයෙන් ය... පොළඹවා ගන්නේ නම් සීන් කිසිවකට  විරුද්ධ නොවන බව යීබෝ දන්නා නමුත් ඔහුටම සෙමින් සෙමින් හැඟීම් දැනීම් ඇතිවන තුරු ඉවසන්නට ඔහු තීරණය කරගෙන සිටින්නේය....

" තව මාසයයි අප්පා .........දැන්නං ඉස්කෝලෙ යන්න බෑ වගේ අනේ.........."

යීබෝට දැනෙන නොදැනෙන ලෙසින් කකුලකුත්  ඔහුගේ ඇඟට දමාගත් රත්තා කීවේය ...

"ඒ මොකෝ......සීන් හදන්නෙ මගෙන් ගුටි කන්න ඔය ..........."

තවත් කිසිවක් කීවාට වැඩක් නැත.... යීබෝගේ ගෙල මතට  වදින සුසුම් සංවරව දැනෙද්දී ඔහු නින්දෙ බව යීබෝට අවබෝධ විය.... ඇඟට දමාගෙන සිටින කකුල නිසා රත්තාගේ යටිකය ප්‍රදේශය යීබෝගේ කකුලක් මතට දැනෙන්නේය...

" අර මොනවද මල් පොහොට්ටුවට වඩානං ලොකුයි වගේ තමයි ......."

යීබෝ  රත්තාව තව ටිකක් පපුවට තුරුලුකරගෙනම සෙමින් මිමිනුවේය ..

The Neighbor..... yizhn fan fiction ...( Complete )Where stories live. Discover now