🌀.. 14.. පැය විසිහතරක්...

3.5K 654 372
                                    

☄️☄️ The Neighbor ☄️☄️........

.
.
.

සතියක් සාමාන්‍ය පරිද්දෙන් ගතවී ගියේය ... සැලී ඉක්මනින් කූඩුවට හුරුවූ අතර යීබෝ බොහෝ දේවල් ඔහුගේ නෝටිස් බෝඩ් එකට එකතු කරගෙන තිබුනේය ....

රත්තාගේ නිවාඩු මාසයෙන් එක් මාසයක් ගෙවී ගොස් තිබුනු අතර යීබෝ ඉනිමඟ සහ සෙරෙප්පු දෙක නිදහස් කලේය... උදෑසන පටන් රෑ වනතුරුත් රත්තා යීබෝගේ නිවස සින්නකරව අයිතිකරගෙන සිටින අතර දහවල් කාලයේ අදික රස්නය නිසා බීම එකක්වත් බොන්නට විදිහක් නැති බව පවසමින් මේ දිනවල රත්තා නාහෙන් අඩන්නේ ය...

ඉතින් ගේට්ටුව පිටතින් ලොක්කරගෙන යන යීබෝ රත්තා අතට නිවසේ එක් යතුරක් ලබා දුන්නේය....

", දොර ඇරගෙන ගේ ඇතුලට යනවා නම් ගේ ඇතුලට ගිහිල්ල දොර වහ ගන්න ඕනේ.... මොනම වෙලාවකවත් අමතක වෙලා දොර ඇරලා දාලා වත්තෙන් පිට වෙන්න තහනම්..."

යීබෝ රත්තාට නීති පැනෙව්වේය... ඔෆිස් කාමරය අගුලුලා යතුර රැගෙන යන්නට නම් ඔහු වගබලා ගත්තේය ... හැමදාමත් හවසට දඩුවම් පොත අත්සන් කරන්නට අරගෙන මේ වන විට මාසයක් ගත වී තිබුණි.... දැන් නම් එහි ලියන්නට දෙයක් නැති තරම් ය....

යතුර අතට දී ගියත් රත්තා බීම එකක් අරගන්ට ඇරෙන්නට නිවස තුළට යන්නෙම නැත.... එය නුසුදුසු බව ඔහු හොඳින්ම දන්නේ ය.....

ඉතින් අදත් රාජකාරි බහුල දිනයක් අවසන් කර යීබෝ ගේට්ටුව ඇරගෙන වත්තට ඇතුල්වෙද්දී රත්තා මාලු ටැංකිය අසල හිද පිම්මේ යීබෝ අසලට ආවේය ...

" එන්න එන්න...........බඩ්ඩක් පෙන්නන්න...."

රත්තා යීබෝව ඇදගෙන පුංචි මල් කැකුලු පිපී ඇති පියෝනි මල් පාත්තිය පසුකරමින් යන්නේය...සූරියකාන්ත වල පැලත් දැන් ලොකුවී ඇත....

" මේන්න බලාන්න චූ පැටි මල්...."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Neighbor..... yizhn fan fiction ...( Complete )Where stories live. Discover now