🌀.. 47.. කුණාටුවක් ....

3.2K 559 316
                                    

☄️☄️ The Neighbor ☄️☄️.......






",සතුබබා නැඟිටින්න........ සතූ........සතූ......."

ගුවන් යානය බෙයිජින් ගුවන්තොටුපලට ගොඩබස්වන බවට ලැබුනු එනවුස්මන්ට් එකත් සමඟ යීබෝගේ උරහිසට වී නිදාගෙන සිටින රත්තාව අවදිකිරීමේ මෙහෙයුම දියත් කලේය....

" හ්ම්ම්ම්..."

" අපි ලෑන්ඩ් කරන්න හදන්නේ......ශීට් බෙල්ට් දාගමු...."

යීබෝ රත්තාව නිසි අයුරින් වාඩිකරවා ශීට් බෙල්ට් එක දැම්මේය.....ඉතින් ගුයිලින් වලදී ගුවන් යානය එක්වරම ඉහලට යද්දී දැනුනු තිගැස්ම සිහිවූ රත්තා යීබෝගේ අතකින් අල්ලාගත්තේය ....

" වෙලාව කීයද පපා..."

" 1.35........"

" ඒනං නිදාගන්න පුලුවන් ......"

රත්තා ඇස් දෙකත් හීනිකරමින් කීවේය ...

",ඇයි බබා අද කොලේජ් යන්නෙ නෑනේ ..."

",නෑ පපා පුරුද්දට ඇහැරෙනවනේ පාන්දර...."

යීබෝගේ අත අතනෑරම ඔහු කියන්නෙය.....

" අනේ සතුබබා ....... ඊයෙයි පෙරේදයි පාන්දරම ඇහැරුනානේ......"

යීබෝ සිනාසෙමින් කියද්දී රත්තා ලැජ්ජාවෙන් අහක බලාගත්තේය ...

" දැන් මොකෝ ඔය කනේ ඉදන් රතුවෙලා ......මොනවද මතක්වුනේ...."

යීබෝ රත්තාගේ කන ලඟටම වී රහසින් ඇසුවේය ...

" පපා.....එහාට පලකො..."

ඉතින් යීබෝ සිනාසෙමින් මදක් එහාට උනේය .....නොසන්සුන් වූ විට කෝපය උපරිම වූ විට රත්තා ඔයවැනි වචන පාවිච්චි කරන බව යීබෝ හොදින්ම දන්නේය....ඉතින් සමහර අවස්ථාවලදී ඒ වචන අසා ගන්නට ඇති ආශාව නිසාම ඔහු රත්තාව අවුස්සා ගන්නේය.....

මං තොටුපොළෙන් පිටතට පැමිණ එතැනින් ම ටැක්සියක් අරගත් ඔවුන් මුලින්ම ලූෂී ඔවුන්ගේ නිවසින් බස්සවා වන්ග් නිවසට ආවේය ...හැමදෙනාම සිටින්නේ තෙහෙට්ටුවෙන් නිසා ඉක්මනින්ම තම තමන්ගේ කාමර වලට ගොස් නින්දට වැටුණේය....

",පපා........"

" හ්ම්ම්ම්...."

යීබෝ ඇදේ හාන්සි වන තුරු බලාගෙන සිටි ඔහු ඉක්මනින්ම ඒ පපුව මතින් මුහුණ තියාගෙන සෙමින් කතාකලේය .......

The Neighbor..... yizhn fan fiction ...( Complete )Where stories live. Discover now