🌀.. 32.. අපූරු සැමරුමක්..

3.2K 572 245
                                    

☄️☄️ The Neighbor ☄️☄️........

🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅

",ඩිඩී....ඩිඩී........."

කවුරුන් හෝ දොරට ගහන හඩකින් සහ සියුම් කතා හඩකින් යීබෝ මෙන්ම රත්තාත් දෙනෙත් හැරියේය ...

" ජීයී....."

යීබෝ  සෙමින් කතාකලේය....

" නවයයි වෙලාව...."

" ආ....හරි....පහලට එන්නම්..."

ඇය සෙමින් පඩිපෙල බැසගෙන යන හඩත් ඇසුනි ...යීබෝ  හිස පහත් කර බැලුවේය .... දෑස් විවරකරගෙන පපුවටම වී සිටින රත්තාව දුටු ඔහු සිනාසුනේය ...

" නවයත් වෙලාලු ... බර්ත්ඩේ බෝයි මෙහෙම නිදියනවද හ්ම්ම්ම්...."

රත්තා ගේ නලලට හාදුවක් තබමින් යීබෝ කීවේය ..... ඔහු ඇස්වලිනුත් සිනාසෙන්නේය ...

" යන්න වොෂ් දාලා එන්න....අපි පහලට ගිහින් උදේට කමු...."

රත්තාගේ නලලට වැටී ඇති කෙස්ගස් සියල්ල උඩට කරමින් යීබෝ කීවේය ...

" පපා......."

රත්තා යීබෝගේ පපුවෙන් මදක් ඉහලට ආවේය ....

" හ්ම්ම්ම්..."

යීබෝ  තවමත් රත්තාව අත්දෙකෙන් නිදහස් කලේ නැත ...

" ඔයා නොහිටියනම් මට එදා මොනවා වෙයිද නේ...... "

යීබෝ  රත්තාගේ කම්මුලක් මිරිකුවේය ...

" ඒවා හිතන්නෙ නැතුව ගිගින් වොෂ් දාන්න....අපි එකොලහට ගමනක් යනවා....."

" ඔයා අද රෑ යනවද ..."

රත්තා වේදනාවෙන් ඇසුවේය ....

" හ්ම්ම්...හෙට පාන්දර හතරට යනවා.... මම දවස් තුනකට වගේ සැරයක් එන්නම් හොදේ   ...."

රත්තා යලිත් යීබෝගේ ගෙල අස්සේ මුහුණ තියාගත්තේය   ....

" එහෙම එන්න එපා පපා.........ඔයාව ලෙඩවෙයි .... එතකොටත් මටනෙ දුකහිතෙන්නෙ.... "

යීබෝ  රත්තාගේ කොපුලක් සිපගත්තේය ..

",  සතුබබා බලන්නෙ නැතුව ඉන්නකොට තමයි පපාව ලෙඩවෙන්නේ .......කෝ........ඇති දැන් ඉතින්.........නැඟිටින්න....... වොෂ් දාන්න..."

යිබෝ  ඇදමත වාඩිවී දුරකතනය අතට ගත්තේය ..ඔහු බෙයිජින් මූලස්තානයට ඇමතුමක් ගන්නා ගමන් බැල්කනියට ගියේය ...

The Neighbor..... yizhn fan fiction ...( Complete )Where stories live. Discover now