🌀..11 ..අනිසි බියක්.......

3.4K 639 444
                                    

☄️☄️ The Neighbor ☄️☄️......

සෙමින් සෙමින් ලැබුනු තොරතුරු සහ ෂුවාන් එවා තිබූ තොරතුරු සටහන් කරද්දී වෙලාව ගතවී යනු දැනුනේද නැත...

" අනේ .......සර්.....ආවුහ්........"

කුඩා ගේට්ටුව ඇරෙද්දී ම රත්තාගේ කෑගැසීමකි...............................................................................

**

යීබෝ  හුනස්නෙන් නැඟිට ඉදිරිපස දොරත් ඇරගෙන දුවද්දී අනෙක් පසින් ඔහුගේ නැන්දා සහ අච්චා දුවගෙන ආවේය .... රත්තා ගේට්ටුවට අඩි කිහිපයක් මෙහායින් බිම වැටී සිටියේය ... ඔහු රැගෙන ආ කෑම බොක්ස් එක බිමවැටී විසිරී ගොස් තිබුනි....

" සීන්........."

" අනේ.......කවුදෝ අර ජෙනේලෙ ලඟ බලාගෙන ඉදලා මාවත් තල්ලු කරලා දිව්වා........"

යීබෝ  රත්තා අසලට පහත්වෙද්දීම රත්තා හඩමින් කීවේය .....

" තුවාලද රත්තරනේ...."

රත්තාගේ නැන්දාත් පහත්වී අසන්නේය....

" කෑම එක හැලුනත් එක්........ක......."

ඔහු දැන් ඉකිගසමින් හඩන්නේය.......

" ඒකට කමක් නෑ....... කෝ නඟිටින්න....."

යිබෝ  රත්තාව සෙමින් නඟිට්ටුවේය...

" හොරෙක් වෙන්න ඇති මහත්තයෝ .... මේ පැත්තෙ හොරුන්ගෙන් නම් අඩුවක් නෑ......."

රත්තාගේ අච්චා රත්තා අතතිබූ විදුලි පන්දම රැගෙන රත්තා සිරුර පුරාවට එල්ල කරමින් කීවේය ..

" කොතනින්ද සීන් මිනිහා පැන්නෙ..."

යීබෝ  වටපිටාව දෙස පරිස්සමෙන් බලමින් ඇසුවේය ...

" අන්නාතනින්.....පිම්මට පැන්නා.......මං වගේ බිත්තිය දිගේ බඩගෑවෙත් නෑ......."

හැඩූ නිසා බුරුල්වූ නාසයත් ඉහල අදිමින් රත්තා කියන්නේය...

" ඉන්න මහත්තයා මම කෑම එකක් ගෙනත් දෙන්නම්....මේ කොල්ලට මාලු ගෙනත් දීලා ඌ ඉන්නෙ පුදුම සතුටකින්...."

,නැන්දා ගෞරවනීය ලෙසින් කීවේය ....

" නෑ කෑම ඕනෙ නෑ..... මට අද ලොකු බඩගින්නකුත් නෑ....... "

" ඉන්න මගෙ කෑම එක අරගෙන එන්නම් අපි දෙන්නා බෙදාගෙන කමු...."

රත්තා යලිත් කියන්නේය....

The Neighbor..... yizhn fan fiction ...( Complete )Where stories live. Discover now