🌀..34.. ටිකෙන් ටික...

2.9K 580 252
                                    

☄️☄️ The Neighbor ☄️☄️.....

" මගෙ පපා................"

රත්තා වෙඩිල්ලක් මෙන් ආලින්දය මැදින් කෑගසාගෙන ගොස් දොර ලඟින් නිවස තුලට එමින් සිටි යිබෝගෙ ඇඟට පැන්නේය ..... ඒ හඩට යීබෝගේ මවත් හිස හරවා බැලූ අතර යැන්ලිත් ආලින්දයට ආවේය ...

" සතුබබා ..........."

යීබෝ රත්තාව ඉක්මනින් ඔහුගේ පපුවට තුරුළුකර ගත්තේය ....

**

",හොරෙක් වගේ ඇවිත්නේ......."

යීබෝගේ ගෙල අස්සේම මුහුණ තියාගෙන රත්තා කියන්නේය ... ඉතින් දින හතරකට පසු දකින ඒ රුව නිසා රත්තා කඳුළුත් සලන්නේය ...

" ආ...... බෙදාගෙන කන්න..... මේරිට කෝපි හදන්න කියන්න ....පපා වොෂ් එකක් දාලා එන්නම්...."

රත්තාගේ ග්‍රහණයෙන් මිදුණු යීබෝ අතේ තිබූ බෑගයක් ඔහු අතින් තබා මවගේ හිසත් අතගාගෙන උඩුමහලට ගියේය ... ඉතින් ඒ පසුපසින් යන්නට රත්තාට සිහියක් කොයින්ද...යීබෝ අතට දුන් බෑගයත් අරගත් ඔහු යැන්ලි අසලින් සෝපාවේ අසුන්ගත්තේය ....

",මම හිතුවා චොක්ලට් කේක් කියලා.......ඉතින් හරිනේ......."

කැබලි ලෙසින් වෙන වෙනම කුඩා බොක්ස් වල තිබුනු චොක්ලට් කේක් සියල්ල ඔහු ස්ටූල් එක මතින් තබා එකක් යැන්ලි අතට දී එකක් රැගෙන චකිතයෙන් නමුත් යීබෝගේ මව අසලට ගියේය ....

" කේක්....'

රත්තා පැකිලෙමින් කේක් බොක්ස් එක ඇය දෙසට දිගුකරද්දී ඇය කිසිවක් නොකියා එය අතට ගත්තේය ... රත්තාගේ දෑස් දිලිසෙන ආකාරය යැන්ලි හොදින්ම දුටුවේය ....

" මේරි ඇන්ටියෝ...... පීටර් අංකල් ........."

කේක් බොක්ස් දෙකක් අතැතිව රත්තා මුලුතැන්ගෙය දෙසට ගියේය .....

" එන්න පපා........."

වොෂ් දමාගෙන පහලට එන යීබෝට රත්තා ඔහු අසලට කතාකලේය ... ඉතින් ඒත් සමඟම මේරි කෝපි කෝප්ප හතරක් ආලින්දයට අරගෙන ආවේය ....

" ඔහොම ඉන්නකෝ......"

දෙදෙනා ඉදිරියෙන් තැබූ කෝපි කෝප්ප දෙක දෙස ටික වෙලාවක් බලාගෙන සිටි රත්තා ඉක්මනින් මුලුතැන්ගෙයට ගොස් තරමක් ව්ශාලා මග් එකක් අරගෙන ආලින්දයට ආවේ මේරිවත් අතින් ඇදගෙනයි.... යීබෝගේ මව මෙන්ම යැන්ලිත් පුදුමයෙන් බලාගෙන සිටින්නේ ඔහු මේ කරන්නට හදන්නේ කුමක් දැයි කියාය...යීබෝ නම් සිදු වන්නට යන දෙය පිළිබඳව හොඳින්ම දන්නා නිසා නිහඩව රූපවාහිනිය දෙස බලාගෙන සිටියේය...

The Neighbor..... yizhn fan fiction ...( Complete )Where stories live. Discover now