🌀.. 27.. අමුත්තන් .....

3.1K 602 238
                                    

☄️☄️ The Neighbor ☄️☄️..........

තද කලු පැහැති බෙන්ස් එකක් යීබෝගේ ගේට්ටුව ඉදිරිපස නතරකර ඇති අයුරු ඔහු දුටුවේය ....

රත්තා ඒ අසලට යද්දී රියදුරු අසුනට අනෙක් පස අසුනේ වීදුරුව පහත් විය............

**

තමන්ගේ සර් පළදනවා වැනිම කලු කන්නාඩි පැළදගත් තරුණියක් ...රත්තා උවමනාවෙන් ඇය දෙස බැලුවේය ....රියදුරු අසුනේ සිටින පුද්ගලයාව මීට කලින් කොහේහෝ දැක පුරුදු බවක් රත්තාට දැනුනි.....

" ඔයා සීන් ද....."

කලු කන්නාඩි ගලවාගත් තරුණිය ඇසුවේය ... රත්තා ඔව් යැයි හිස සලද්දී අනෙක් පස සිටි මිනිසා නම් හැඟීම් විරහිතව රත්තා දෙස බලාගෙන සිටින්නේය ....

" මම ලූෂී ........... ගේට් එක අරිනවද....."

ඒ නම ඇසූ සැනින් කියන්නට නොතේරෙන වේදනාවක් රත්තාගේ පපුවට දැනෙන්නට පටන්ගත්තේය ... ලූෂී මේ සර්ට යෝජ්නා කල කාන්‍තාව බව රත්තා ට සිහිවිය... ඇයනම් සිනාමුසු මුහුණකින් රත්තා දෙස බලාගෙන සිටින්නේය...

රත්තා ටිකවේලාවක් ගල් ගීත බලාගෙන සිටියේය..ඇය පොහොසත් සුන්දර කාන්තාවක් බව ඔහුට සිතුනි...ඒත් සුද්දෙක් සමග ඇමරිකාවේ ජීවත්වන බවත් රත්තාට සිහිවිය...ඉතින් ඔහු හා යැයි හිස සලමින් යලිත් ඔවුන්ගේ වත්තෙන් ගොස් කුඩා ගේට්ටුවෙන් යීබෝගේ වත්තට ගොස් නෙට් බෙඩ් එක මත තිබූ පෝන් එක රැගෙන මුලින්ම යීබෝට කෙටි පණිවිඩයක් දමා දුරකතනය ක්‍රියා විරහිත කලේය

ඔයාගෙ මනමාලී මාමණ්ඩී ඇවිත් .......

.. පසුව ගේට්ටුව විවෘත කලේය ... නපුරු මිනිසා වාහනය වත්තට දැම්මේ රත්තට රවාගෙනයි ... ඊට හේතුව ඔහු ගේට්ටුව විවෘත කරන්නට ප්‍රමාද වීමයි...

" ඉතින් සීන්......සර් කීයටද එන්නෙ..."

කලිසම් සාක්කුවෙන් යතුර ගෙන ප්‍රධාන දොරටුව විවෘත කරන රත්තා අසලට පැමිණි ලූෂී ලෙංගතුව ඇසුවේය ..ඉතින් ඒ වනවිටත් සවස පහට ආසන්න වී ඇති අතර යීබෝ මේ නිවසට පැමිණෙන වෙලාවයි ...

" දැන් එයි...."

කෙටියෙන් පමණක් පිළිතුරු දුන් රත්තා දොර විවෘත කර නිවස තුලට ගියේය ...

The Neighbor..... yizhn fan fiction ...( Complete )Where stories live. Discover now