🌀..51.. බරපතළ චෝදනාවක්..

3K 551 421
                                    

☄️☄️ The Neighbor ☄️☄️.....

.
.

"ඇයි අපි හවස යන්නෙ පපා.... උදේ යන්න තිබ්බනෙ..."

රත්තා අච්චාට නැන්දාට සමුදී වාහනයට නැඟ ආසනපටිය තදකරගෙන ඇසුවේය ..අද පිටව යද්දී රත්තාගේ ගේ හිතට විශාල වේදනාවක් දැනුනේ නැත..ඊට හේතුව තවත් සති දෙකකින් යළිත් ඔවුන් මෙහි ඇවිත් යන්නට එන නිසාවෙනි...

" පාටිය පටන් අරගෙන හොඳම වෙලාවෙදි ගෙදරට යන්න ඕනේ....."

යීබෝ රත්තාගේ අතකින් අල්ලාගෙන කීවේය ...

",අරකිත් එනවද පපා...."

විනාඩි කිහිපයක් නිහඬව බර කල්පනාවක සිටි රත්තා යලිත් ඇසුවේය .....

" එයාව අනිවාර්යෙන්ම ගෙන්නන්න කියලා මම කිව්වා..."

ඉතින් රත්තාගේ දෑස් දිදුලන්නේය .... උදැසන දෙදෙනාම ටැන්ජින් නගරයට ගොස් රත්තාට පාටියකට අදින්නට සුදුසු ඇදුමක් මිලදී ගත්තේය .... දැන් රත්තා මේ සූදානම්වී සිටින්නේ ඒ ඇදුමින් ය ....

",පපා...."

" හ්ම්ම්ම්...."

මාර්ගයට අවධානය දෙමින්ම යීබෝ හූමිටි තැබුවේය ...

" ගොඩාක් කට්ටිය ඉදීද පාටියට..."

යීබෝ රත්තා දෙස බැලුවේය ..

",ඇයි සෝසි එහෙම අහන්නේ..."..

" ඉතින් ඔය ඔක්කොම ඉස්සරහා මෙහෙම දෙයක් කියද්දී ලැජ්ජයිනේ . ."

දැන් යීබෝ සිනාසෙන්නේය ...

" බබාට පපාව ඔයාගෙ boyfrien විදිහට අඳුන්වලා දෙන්න ලැජ්ජයිද.......පපා බබාට වඩා වයසින් වැඩි නිසා....."

රත්තා යීබෝ අල්ලාගෙන සිටින අත උඩට ගද්දී යීබෝ සිතුවේ හාදුවක් දෙන්නට යැයි කියා උනත් නොසිතූ මොහොතක ඔහු අත වැර යොදා හැපුවේය ....

" ආයි සතූ......... කන්නද යන්නෙ මාව..."

යීබෝ තරමක් කේන්තියෙන් කීවේය ...

" එහෙනම් කටවහගෙන හිටපිය..... මෝඩ තාප්පයා.......... නාකි ඔෆිසරයා........ මට ලැජ්ජයි කියලා මං කොයි වෙලාවෙද කිව්වෙ ආ............ මෝඩ ඇටිකුකුලා......."

රත්තා කෝපයෙන් රත්පැහැවී ගිරිය පුප්පාගෙන කෑගසන්නේය.... හැපුවත් අල්ලාගෙන සිටින අත අතහැරියේත් නැත.....

The Neighbor..... yizhn fan fiction ...( Complete )Where stories live. Discover now